Weather icon
30°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ජනපතිගෙන් සජබට, ජවිපෙට ආරාධනා


ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් අද (01) ඉල්ලා සිටියා. 

සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ අද (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ප්‍රකාශ කරනු ලැබුවා. 

යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලටයන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි පාක්ෂිකයන් එක්ව සිටිනු දක්නට ලැබුණා.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරමින් මැයි දින රැළියට එක්වීම  අද සිදුවුණා. 

රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අවසන් බව පවසමින්, එය වළදැමීමට ඇතැමුන් සූදානම් වුවත් වළදැමීමට ගිය ආර්ථිකයට නැවත පණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බවයිඅද රට පුරා පැවැත්වෙන මැයි දින රැළි වලින් පෙනී යන්නේ රට තුළ තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික පිබිඳීම බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එදා ගාලු මුවදොර පිටියෙන් එළවා දැමු විපක්ෂනායකවරයාට අද සිය පක්ෂයේ මැයි දින රැළිය චැතැම් වීදියට පැමිණ පැවැත්වීමට හැකි වාතාවරණයක් තමා නිර්මාණය කර තිබෙන බවද සඳහන් කළා.

ශක්තිමත් අපනයන ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට හොද අනාගතයක් ලබා දෙන සැලැස්මක් ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 





Related News

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.
20 - 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව ගියා.
ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.
කොවිඩ් වසංගතය පාලනය සදහා ඇස්ට්‍රාසෙනිකා නමැති සමාගමෙන් හදුන්වා දුන් එන්නත මගින් අතුරු ආබාධ ඇතිවන බව එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ලද ප්‍රහාර වහා නැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) පැවති විරෝධතාවයක දී ප්‍රකාශ කර සිටියා.
ඝාතනයට ලක්වූ 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැති තරුණයාගේ දැඩි ලෙස පිළිස්සුණු මළසිරුර පසුගියා මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී, ඔහු අතුරුදන් වී දින 15කට පසු පොලීසිය විසින් සොයාගනු ලැබුවා.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී සහ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර ඇති අවස්ථාවක “ප්‍රජා උපදේශන කමිටු“
ජාවාරම්කරුවන්ට හසුවීමෙන් පසුව රුසියානු - යුක්‍රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියා.

උණුසුම් පුවත්

ICCයට අනුව වනිදු පෙරමුණේ

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.

ලොව මෙතෙක් බිහි වූ විශාලතම තොරණ ලෙස ලෝකයේම අවධානය හා ආකර්ෂණය ලැබෙන පරිදි නිර්මාණය කරන ඓතිහාසික පානදුර නගරයේ මෙවර ඉදිකෙරෙන තොරණ ගිනස් වාර්තාවක් පිහිටවන මට්ටමින් සංවිධානය කර ඇති බව තොරතුරු අනාවරණය වේ

බැංකු ණය පොළී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බවයි.

ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ,අතුරුදහන් හා ජීවිතක්ෂයට පත් වූ මෙන්ම විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ,ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛන උපදෙස් නිකුත් කර ඇති බවත් දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත්,භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත ලේඛනවල අඩුපාඩු හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇති බව සදහන් වෙයි.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,

2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.

ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී

ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

සිව් වසරකට පසු හමු වූ මළ සිරුර

ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.

මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී

කොවිඩ් වසංගතය පාලනය සදහා ඇස්ට්‍රාසෙනිකා නමැති සමාගමෙන් හදුන්වා දුන් එන්නත මගින් අතුරු ආබාධ ඇතිවන බව එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.