කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී
කොවිඩ් වසංගතය
පාලනය සදහා ඇස්ට්‍රාසෙනිකා නමැති සමාගමෙන් හදුන්වා දුන් එන්නත මගින් අතුරු ආබාධ
ඇතිවන බව එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ පිළිගෙන ඇති බව විදෙස්
මාධ්‍ය වාර්තා කරනවා.
ජීවිත දහස්
ගණනක් අහිමි කරමින්, රටවල් වසා දමා, මුළු ලෝකයේම ජනජීවිතය මුළුමනින්ම
අඩපණ කළ කොවිඩ් මාරයාගෙන් ජීවිත බේරාගැනීමට එන්නත් වර්ග කිහිපයක්ම ලොවපුරා
ජනතාව වෙත එකල ලබාදෙනු ලැබුවා.
ඒ අතරතුර මහා
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ලොවට හදුන්වා දුන් ඇස්ට්‍රාසෙනිකා
එන්නත පළමු වසර ඇතුළත මාත්‍රා බිලියන 3ක් ලොවපුරා බෙදාහැර තිබෙනවා.
ඇමරිකාව මෙම
ඇස්ට්‍රාසෙනිකා එන්නත තම රට තුළ භාවිත කිරීමට අනුමැතිය ලබාදී නොතිබුනේ ඒ මගින්
රුධිරය කැටිගැසීමේ අවදානමක් ඇති බවට සැක පළකරමිනුයි.
කෙසේ වුවද
එන්නත බෙදාහැරීම අරඹා වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට
එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ දී තීරණය කර තිබෙනවා.
ඒ එම එන්නත
මගින් රුධිරය කැටිගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට බ්‍රිතාන්‍ය
මහාධිකරණය ඉදිරියේ ඔවුන් පිළිගැනීමෙන් අනතුරුවයි.
රුධිරය කැටි
ගැසීම ඇතුළු අතුරු ආබාධ හටගත් පාර්ශ්ව කිහිපයක්ම එම සමාගමට එරෙහිව මේ වන විට නඩු
මගට ගොස් ඇතැයි ද වාර්තා වෙනවා.
මෙම ඇස්ට්‍රාසෙනිකා
කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව ලෙස ශ්‍රී ලාංකිකයන් 1,479,631කට ද දෙවන මාත්‍රාව
ලෙස 1,418,593කට ද ලබාදී තිබෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්