පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්රමුඛ
නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද
(14) සන්ධාන ගත වුණා.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී අද(14)
පැවති උත්සවයක දී මෙම සන්ධානගත වීම සිදුකෙරුණු අතර පොදුජන එක්සත් පෙරමුණ 21 දෙනෙකුගෙන්
යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන බව සදහන් වේ.
මෙහිදී පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරී මණ්ඩලයේ
ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න,
භාණ්ඩාගාරික ලෙස චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස දුමින්ද දිසානායක, නලින්
ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලබයි.
මෙම සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර,
සූරේෂ් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන
යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින්
ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම්
ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන්
ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු
තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්.වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන
වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිදිගොඩ, ශ්‍රී ලංකා
මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම
ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නසිර්
අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන
කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනතා පෙරමුණේ
නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී.කලංසූරිය යන මහත්වරන් පොදුජන එක්සත්
පෙරමුණ සමග සන්ධාන ගත වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
එහි නායක නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා
අදහස් දක්වමින් කියා සිටියේ අපේ සන්ධානයේ විශේෂත්වය තමා නායකත්ව මණ්ඩලයක් තුළින් සියලු
දෙනා සමගම සාකච්ජා කිරීම. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුමයක්
තිබෙනවා පොදුජන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්. අපි සියලු දෙනාම මේ මොහොතේ ඒ වෙනුවෙන්
කැපවෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.
රාජ්‍යයේ අයිතිය සුරක්ෂිත කරමින් සියලු දෙනා
එකතු කර ගනිමින් අපි බිද වැටුණු රට ගොඩනැගීමට සූදානම්. ඒ සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී
අපේ සන්ධානයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බව මේ මොහොතේ ඉතාමත්
සතුටින් දැනුම් දෙනවා යනුවෙන් ප්‍රකාශ කර සිටියා.
එම සන්ධානයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද
මෙහිදී සිදුකෙරිණි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්