මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
අනික් නායකයෝ බෑ කියලා පැනලා
දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා
සිටියේ එදා විපක්ෂනායකතුමා ඔලිම්පික් එකේ දුවනවා වගේ දිව්වා. අනුරව හොයාගන්නවත්
බැරිවුණා. මිනිස්සු දුක් වින්ද කාලේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක කොහේ ද හිටියේ
කියලා මම අහනවා.
අද ජනතාවගේ දුක ගැන කියනවා. ගෑස් සිලින්ඩරය
6800 වෙනකොට සජිත් කොහෙද හිටියේ, ගෑස් සිලින්ඩරය 4900 වෙනකොට කොහෙද හිටියේ
අනුර, මේවට උත්තර දියාපියෝ...පිළිතුරු දෙන්න බැරිනම් ඡන්ද ඉල්ලන්න එපා. මේ
වේදිකාවටම නැගලා වාඩිවෙන්න කියලා ඉල්ලනවා.
ජනපතිවරයාගේ කතාව අතරතුර හිටපු රාජ්‍ය
ඇමති වීරකුමාර දිසානායක මහතා ජනපතිවරයාට මතක් කර සිටියේ ඒ කාලේ පොහොර ගත්තේ
රුපියල් 40000 බවයි. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා එකවරම වැරදී...වැරදී...වැරදී යනුවෙන්
ප්‍රකාශ කර පොහොර තිබුණේ නෑ ඒ කාලේ යනුවෙන් ද ප්‍රකාශ කර සිටියා.
නැවතත් රට අමාරුවේ වැටුණු දවසට සජිතුයි, අනුර කුමාරයි නැවතත් ගිහින් හැංගෙයි, රට කරන්න පුළුවන් එකම කණ්ඩායම මාත් එක්ක ඉන්නවා. ඔබේ අනාගතය අපිට බාරදෙන්නැයි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්