පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
ඉදිරි ජනාධිපතිවරණ
වෙනුවෙන් හිටපු
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන
ගත වුණා.
සමගි ජන බලවේගයේ නායක
සජිත් ප්‍රේමදාස සහ පාඨලි චම්පික රණවක අතර මෙම ගිවිසුමට අත්සන් තැබුණු අතර පාඨලී
චම්පික මන්ත්‍රීවරයා 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ද සමගි ජන බලවේගය නියෝජනය කරමිනි.
මේ අතර හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සහ ඔහුගේ බිරිය රංගන
ශිල්පිණී මංජුලා තිලිණි මහත්මිය ද සජිත් ප්‍රේමදාසට
මහතාට සහාය
පළකරමින් අද (14) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත්තා.
එකල රාජපක්ෂ පවුල සමග කටයුතු කළ ඩිල්ෂාන්
පොහොට්ටුවේ පළමු සාමාජිකයින් අතර සිටි ප්රමුඛ පෙළේ අයෙකි. පසුකාලයේ ඔහු
දේශපාලනයෙන් ඉවත් වී ඕස්ට්‍රේලියාවේ
පදිංචියට ගොස් සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල
සංවිධායක ධූරයට ඩිල්ෂාන් මහතා පත් කර
අදාළ පත්වීම් ලිපිය ද ලබා දී ඇති බව වාර්තා වේ.
එසේම ඉදිරි ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්
බදියුදීන් මහතා ප්රමුඛ
සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට අද (14) තීරණය කර ඇති බව වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්