මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
ශ්රී ලංකා
නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්රී ලංකා
පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්රී කණ්ඩායමේ හමුවක් අද
(14) තලවතුගොඩ ප්රදේශයේ දී පැවැත්වුණා.
ඉදිරි
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් බිහිකරනු ලබන පුළුල් සන්ධානයක මූලික සාකච්ඡා වටය
මෙලෙස පැවැත්වුණු බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
මෙහිදී අදහස්
දැක්වූ පා. ම. දුමින්ද දිසානායක මහතා කියා සිටියේ එදා ඉදන්ම අපි කියා සිටියේ ශ්රී
ලංකා නිදහස් පක්ෂය මූලික වෙලා සන්ධානයක් ගොඩනගන බව, ඒ සදහා අද දිනයේ
දී සාකච්ඡාවක් පැවැත්වුවා. ඉදිරියේ දී අපි සියලුම පක්ෂ සමග සාකච්ඡා
කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ අපි පක්ෂ පාට අමතක කරලා රට ගැන හිතන්න
ඕනේ වෙලාවක්, එක දෙයක් කියන්න ඕනේ මීළගට පත්වෙන ජනාධිපති කවුරු වුනත් ඒ
ජනාධිපති බිහිකරන්න මූලික වෙන්නේ මේ කණ්ඩායම යැයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කර
සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්