සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.
නිලූෂිකා සඳමාලි නම් ඇය 2020 වර්ෂයේ ජුනි 20 දින අතුරුදන් වූ බවට ඇගේ මව විසින් පැමිණිලි කර තිබුණි.
සිය පළමු විවාහයෙන් පසුව සිය දරුවන් දෙදෙනා ද සමඟ ඇය බතල ශාන්ත නැමැත්තා සමඟ ජීවත්ව ඇත. ඔහුට දාව ඇය විසින් සිය තෙවැනි දරු උපත සිදු කර ඇත.
ඇගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එවකට සිටි පොලිසිය විමර්ශන කටයුතු සිදු කළ ද කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි විය.
මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇයගේ මව හා සොහොයුරිය මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇගේ සැමියාගෙන් ඇයට හිරි හැර සිදුවෙන බවයි. ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර සිටියේ ය .
සිද්ධිය සම්බන්ධ විමර්ශන ගාල්ල අපරාධ අංශය යොමු කෙරෙන්නේ එවැනි පසු බිමක ය.
සිදු කරන ලද පරීක්ෂණ වල දී ඇයගේ අනියම් සැමියා වන බතල ශාන්ත නොහොත් හේන් ශාන්ත යන හතළිස් හතර හැවිරිදි පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
එහි දී අනාවරණය වී ඇත්තේ ඔහු මෙම කාන්තාවට පහර දී ඝාතනය කර සිරුර නිවසේ වැසිකිළි වළෙහි සැඟ වූ බවයි.
ඝාතනයට හේතු වී ඇත්තේ පවුල් ආරවුලක් බව හෙළි වී ඇත. බතල ශාන්ත නැමැත්තා සාදයක සිටින විට දරුවන් පැමිණි මවට අසාධ්‍ය යැයි පැවසීම නිසා ඔහු ඇයට පහර දී ඇත.
පසු දා උදෑසන බලන විට ඇගේ සිරුර සීතල වී තිබීම නිසා ඔහු ඇඳ ඇතිරිල්ලක ඔතා ඇගේ සිරුර වැසිකිළි වළට දමා ඇති බව අනාවරණය වී ඇත .
පසුව ඔහු සැක නොසිතෙන ලෙස නිලූශිකාගේ මවගේ නිවසට ද ගොස් ඇය පිළිබඳ විමසා තිබුණි.
කෙසේ වෙතත් ගොඩ ගැනුණු මෙම ශරීරය නිලූශිකාගේ බව දරුවන් හා ඥාතීන් හඳුනා ගෙන ඇත.
සිදිධිය වන විට ඇය පැළඳ තිබූ කාරඹුවක් ද හමු වී ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්