කොවිඩ් එන්නත්කරණයෙන් අතුරු ආබාධ ඉහළට
කොවිඩ් වයිරසය වැළඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකට ලබාදුන්ල කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් ලොව පුරා රටවල් අටක කොවිඩ් එන්නත්කරණයට ලක් වූ මිලියන 99ක ජනතාව විශ්ලේෂණය කරමින් එම පර්යේෂණ වාර්තාව සකස් කර ඇති බවයි. ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා වැනි සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් ඇතුළත්ව විවිධ කොවිඩ් එන්නත් වර්ග ලබාගත් ජනතාව එම විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇතැයි ද බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
එම පර්යේෂණ වාර්තාවට අනුව ස්නායු, රුධිර සහ හෘදය ආශ්රිත රෝගී තත්ත්වයන් සුළු වශයෙන් වැඩි විමට කොවිඩ් එන්නත්කරණය හේතු වී ඇත. ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත්කරණයෙන් මොළයේ රුධිර කැට ගැසීමේ අවදානමක් හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම සමාගමේ නිෂ්පාදිත එන්නත් වර්ගය ලබාගත් පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් වන Guillain-Barre syndrome සහ ලක්ෂණ වර්ධනය වීමේ අවදානම 2.5 ගුණයකින් වැඩි බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්