පාසල් ළමුන්ට හදිසි දැනුම්දීමක්
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් ළමුන්ට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
ඊට අනුව අධික රස්නය පවතින දිනවල දී එළිමහන් ක්‍රීඩාපිටි වල ක්‍රියාකාරකම් වල යෙදවීම වැළැක්වීම, සිසුන්ට වැඩිපුර ජලය පානය කිරීමට හා වෙහෙස නිවාගැනීමට විවේක කාල දෙකක් ලබාදීම, අත්‍යාවශ්‍ය නොවන අවස්ථා වලදී සිසුන් එළිමහනට නොගෙන යාම, නිවාසාන්තර ක්‍රීඩා උත්සව තරග හා පුහුණු පැවැත්වීමෙන් වැළකී සිටීමට නිර්දේශ කර තිබෙනවා.
එහිදී සිසුන්ට සැපයිය යුතු පහසුකම් ලෙස අවශ්‍ය පරිදි බීමට ජලය සැපයීම, පන්ති කාමර වලට හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල් විවෘත කර තැබීම, එසේ නොවන ගොඩනැගිලි වල පවතින පන්ති කාමර තාවකාලිකව වෙනත් ස්ථාන වලට ගෙනයාම සිදුකළ යුතු බව දැක්වෙනවා.
සිසුන් ද අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. උෂ්ණත්වය අධික ප්‍රදේශ වලදී කුඩයක් හෝ හිස් වැසුමක් පැළදීම, අවශ්‍ය අවස්ථා වලදී ටයි නොපැලදීම හෝ ලිහිල් කිරීම, කළු පැහැති ඇදුම් භාවිතා නොකිරීම, නිවසින් බැහැර යන සෑම අවස්ථාවකදීම වතුර බෝතලයක් රැගෙන යාම, හැකි සෑම විටෙකම ජලය හෝ ආදේශක ලෙස තැඹිලි, කුරුම්බා වැනි පාන වර්ග භාවිතය සහ කිසිදු අවස්ථාවක සීනි අධික පැණිබීම පානය නොකිරීම යන උපදෙස් ඊට ඇතුළත්ව තිබෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්