බැසිල් ලංකාවට, පොහොට්ටුව යළි පුබුදන සැලසුම කටුනායකදීම හෙළිකරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා.
පසුගිය මාස කිහිපයක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටි ඒ මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ඉදිරි මැතිවරණයට පක්‍ෂය සංවිධානය කිරීම සදහා බව අනාවරණය කරසිටියා.
ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ව්‍යවස්ථාව අනුව පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් වුවද කැඳවීමේ හැකියාවක් පවතින බවය.
පොදුජන පෙරමුණ ගොඩනැගීමෙන් පසු ඔවුන් ඉදිරිපත් වූ කිසිම මැතිවරණයක් පරාජය වී නැති බවත් ඕනෑම මැතිවරණයක් සඳහා තමන් පක්ෂය යළිත් සංවිධානය කරන බවත් ඔහු අනාවරණය කර සිටියා.
තමන් මැතිවරණයට තරග නොකරන බවත් ඔහු එහිදී සදහන් කළ අතර ඔහු පිළිගැනීම සඳහා පොදුජන පෙරමුණේ මැතිඇමතිවරුන් හා ආධාරකරුවන් පිරිසක් ගුවන් තොටුපළට ගොස් සිටිනු මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්