“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ගෝඨාභයගෙන් පොතක් හෙට (07) එළියට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යනුවෙන් ග්‍රන්ථයක් හෙට (07) එළිදැක්වීමට නියමිත බව දවස පුවත් වෙත වාර්තා වේ. ඒ බව සදහන් කරමින් එතුමාගේ ලිපි ශීර්ෂය යටතේ අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.
“ජනාධිපති
ධුරයෙන්
මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන්
රචිත මගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව
මෙසේ ප්‍රකාශයට පත් කරමි. 2009 දී දෙමළ ඊළාම්
විමුක්ති
කොටි සංවිධානයට එරෙහි
යුද්ධය
අප ජයග්‍රහණය කළ අවස්ථාවේ
සිට ශ්‍රී
ලංකාවට එරෙහිව
විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. 2019 නොවැම්බර් මාසයේ දී
මා ජනාධිපති
ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ. මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම
පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ගත විය. කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන
ව්‍යාපාරය 2022 මාර්තු
අග දී
ආරම්භ
කළේ වසංගතය
පාලනය
කර එන්නත්
ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ
අවස්ථාවකදීය.
මේ රට නිදහස ලබා ගත වූ
පළමු හැට වසර තුළ කිසිදාක
අත්විඳ
තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුල විදේශ
මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය
බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතී. මා ජනාධිපති ධුරයෙන් නෙරපා
හැරීමේ
දේශපාලන
ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී
බල හුවමාරු
පමණක්
අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ
දේශපාලනයට නව මානයක් එක් කර ඇත. එම නිසා 2022 සිදුවීම්
මේ රටේ දේශපාලන අනාගතයට
බරපතළ
නිෂේධනාත්මක ආනිසංස ඇති
කරන කාරණයකි. මෙම කෘතියේ
අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර
අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය
වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ සෘජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරමි. හෙට, එනම් 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.
ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ
හත්වැනි විධායක ජනාධිපති
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්