ජවිපෙන් රටට නැකැත් ප්‍රහාරයක්... සුගීෂ්වර බණ්ඩාර
ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රයට අනුව රාජ්‍ය නැකැත් කමිටුව මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කරලා කියලා අපිට දැනගන්නට ලැබුණා, මේක ඉතාම බරපතළ තත්ත්වයක්, රටේ සංස්කෘතිය, සභ්‍යත්වය දේශපාලන න්‍යාය පත්‍ර වලට යොදා ගන්න අපි ඉඩ තබන්නේ නෑ යනුවෙන් අද පැවති ජන හමුවකදී නව ජනතා පෙරමුණේ නායක, නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ අපි පසුගිය අවුරුදු කිහිපයම ඉතාමත් අසීරු කාලයක් ගත කළා, ලොකු, කුඩා, දුප්පත්, පොහොසත් සියලුදෙනා ආර්ථික අර්බුදයෙන් බැට කෑවා. හැට නම ලක්ෂයක ජනවරමක් ලබාගත්, තුනෙන් දෙකක පාර්ලිමේන්තුවකට හිමිකම් කියූ ජනාධිපතිවරයා ධුරය අතහැර ගියා,..අවසානයේ රටේ ජනතාව කරකියා ගන්නට දෙයක් නැතිව අසරණ වුණා.
නමුත් වර්තමාන ජනාධිපතිවරයා යටතේ රට කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් යන බව අපට පේනවා. පසුගිය දිනවල අපි දැක්කා අහස උසට ගිය විදුලි බිල සියයට 22කින් අඩුකළා. මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඒක විශාල සහනයක්,
යම්කිසි තත්ත්වයකින් රට ස්ථාවර වෙමින් යද්දී විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන තත්ත්වයකට අද පත්වෙලා, බොරු පොරොන්දු, විවේචන යළිත් සුපුරුදු දේශපාලන රංගනයන් අපිට දැන් දැකගන්න පුළුවන්, ඒ කෙසේ වෙතත් දැඩි අසීරු කාලයක් පසු කළ ජනතාව නැවතත් එක එක දේශපාලන න්‍යාය පත්‍ර වල රැවටීමට ලක්නොවිය යුතුයි කියලා මම හිතනවා.
සමහර දේශපාලන කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිතා කරමින් රට නැවතත් අගාධයට ඇද දමන්න, අරගල ඇති කරන්න සූදානම් වෙනවා කියලා අපිට අභ්‍යන්තර ආරංචි වලින් දැනගන්න ලැබිලා තියෙනවා.
ඔබ සියලු දෙනා දකින්න ඇති ඊයේ (05) රූපවාහිනී නාළිකා වල ප්රවෘත්ති වලින් ජ්‍යොතිෂවේදීන් පිරිසක් සුවිශේෂී අනාවරණයක් රට හමුවේ සිදුකරනවා, ඒ මෙවර අලුත් අවුරුදු නැකැත්, විශේෂයෙන්ම කිව්වොත් ආහාර පිසීමේ නැකත හා ආහාර අනුභව නැකත සකසා තිබෙන්නේ රාත්‍රී කාලයට කියලා ඔවුන් අනාවරණය කළා. ඔවුන් එතැන දී විශේෂයෙන්ම සදහන් කළේ රාජ්‍ය නැකැත් කමිටුව මගින් නිර්මාණය කළ මෙවර අලුත් අවුරුදු නැකැත් සම්පූර්ණයෙන් රටට අහිතකර, ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනීකරණයට ලක්වුණු නැකැත් කියලා. මම ඒ ජ්‍යොතීෂවේදීන් සමග දුරකතනයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළා.
එහිදී මට දැනගන්නට ලැබුණු කරුණු අනුව මේක ඉතාම බරපතළ හෙළිදරව්වක්, රටට අහිතකර ලෙස බලපාන තත්ත්වයක්,
අපිට දැනගන්නට ලැබුණු හැටියට මේ නැකැත් කමිටුව නියෝජනය කරන බහුතරයක් ජවිපෙ මත දරන, ජවිපෙ දේශපාලන න්‍යාප පත්‍ර ඔස්සේ ගමන් කරන පිරිසක්,
අපිට පේන විදිහට ජවිපෙ සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ආණ්ඩු බාර අරගෙන, ජනාධිපතිවරු බිහිකරලා ඉවරයි මේ වෙනකොට, නමුත් ඔවුන්ට ප්‍රායෝගිකව ඒ බලාපොරොත්තු ඉටුකරගන්නට බැරි වෙන බව දන්න නිසා යළිත් රටේ අරගල ඇතිකරලා රට අගාධයට ඇද දැමීමේ උවමනාවන් තමයි මේ ඉටුකරගන්න හදන්නේ,
අපේ සංස්කෘතිය, සභ්‍යත්වය පැත්තක තියලා ඒක තමයි ජවිපෙ රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන් භාවිතා කරලා රටට නැකැත් ප්‍රහාර එල්ල කරන්න හදන්නේ, විශේෂයෙන් ජවිපෙ රටේ ආගාධයට ඇද දමන්න කෙටි පාරවල් සොයන බවක් පේනවා.
ඒ කෙසේ වුවත් අපි කියන්නේ මේ පිළිබදව ජනාධිපතිතුමා, අගමැතිතුමා, සංස්කෘතික ඇමතිවරයා වහාම අවධානය යොමු කළ යුතුයි කියලා, මේක බරපතළ කාරණයක් අවුරුදු දහස් ගණනක් පැවති අපේ සංස්කෘතියට පයින් ගහලා ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකරගන්නට අපි ඉඩ නොතැබිය යුතුයි.
විශේෂයෙන්ම සදහන් කළ යුතුයි මේ නැකැත් ගැටළුවේ දී රට වෙනුවෙන් මේක නිවැරදි කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම මම කරනවා. හොදම විදිහට මේ ගැටළුව විසදන්න අපි බලාපොරොත්තු වෙනවා. මොන දේ කරන්නත් අපිට ඉස්සරලාම රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනෙ, කාගේවත් පටු අරමුණ මුදුන්පත් කර ගන්න රට, රටේ මහා සංස්කෘතිය, සභ්‍යත්වය උගසට තියන්න දෙන්න බෑ යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්