අඩු කළ විදුලි ගාස්තුවට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතුයි - කංචන විජේසේකර
පහළ දැමූ විදුලි ගාස්තුවට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත්, එලෙස භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට ව්‍යාපාරිකයන්ට බල කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.අද ( 7 ) ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදුලි ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුලු සෙසු ව්‍යාපාරිකයින් දැක්වූ උනන්දුව නැවත මිළ පහළ දැමීමට නොමැති බවත්, මෙම වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට හිමි විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බවත් ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බවත් සඳහන් කළ එතුමා
ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් අවධාරණය කළේය.
ඒ අනුව ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාස්තු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්