වීසා නොමැතිව මැලේසියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට
වලංගු වීසා බලපත්ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්ර තිබී නොමැති බව සඳහන් වන අතර අත්අඩංගුවට ගත් පිරිසේ පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින් සිටින බව සඳහන්ය.
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත එරටට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරත වෙමින් සිට ඇති බව වාර්තා වන අතර ඇතැම් පිරිස් අවුරුද්දකට වැඩි කාලයක් මැලේසියාව තුළ නීතිවිරෝධීව රැඳී සිට විවිධ රැකියාවල නිරත වී ඇතැයි එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී තීබේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්