රුසියානු ජනපති පුටින්ට විශිෂ්ඨ ජයක්...
රුසියානු ජනාධිපතිවරණය ජය ගනිමින් වැලැදිමීර් පුටින් සිය පස්වන ජනාධිපති ධුර කාලය සඳහා බලය තහවුරු කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඡන්ද ප්‍රතිඵලවලට අනුව වැලැදිමීර් පුටින් 87%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇතැයි මැතිවරණ නිලධාරීහූ ප්‍රකාශ කළහ.
ජයග්‍රහණයෙන් අනතුරුව ජනපති පූටින් කියා සිටියේ රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවලට වඩා විනිවිද පෙනෙන බව ය.
ඔහු දැන් අවම වශයෙන් 2030 දක්වා බලයේ සිටීමට නියමිතය. 2000 වර්ෂයේ සිට රුසියාව පාලනය කරන ඔහු සෝවියට් ආඥාදායක ජෝසප් ස්ටාලින්ගෙන් පසු ක්‍රෙම්ලිනයේ දීර්ඝතම කාලයක් බලයේ සිටින නායකයා වේ.
කෙසේ වුවද විශ්වාස කළ හැකි විපක්ෂයේ අපේක්ෂකයෙකුට මෙරව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩක් නොතිබී ඇත.
පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු වූ, මරණයට පත් විපක්ෂ ක්‍රියාකාරික ඇලෙක්සි නවාල්නිගේ ආධාරකරුවෝ මැතිවරණය අතරතුර සංකේතාත්මක විරෝධතා පැවැත්වූහ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්