ක්ෂුද්‍ර මූල්‍ය ණය සැබැවින්ම දිළිදු ප්‍රජාව කබලෙන් ලිපට ඇද දමන්නක් ද ?
ක්ෂුද්‍ර මූල්‍ය ණය සැබැවින්ම දිළිදු ප්‍රජාව
කබලෙන් ලිපට ඇද දමන්නක් ද ?
ආරම්භය හා විකාශනය
හැත්තෑව දශකයේ අගභාගයේ දී, එනම් 1976 වර්ෂයේ දී පමණ බංග්ලාදේශයේ චිතගොං සරසවියේ මහාචාර්ය, නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යුනුස් මැතිතුමාගේ පර්යේෂණ ව්‍යාපෘතියකට අනුව බිහිවන ග්‍රාමීන් බැංකු සංකල්පය අප වර්තමානයේ හදුනාගන්නා ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ ආරම්භය බව පවතින තොරතුරු අනුව දැක්විය හැකිය.
වර්ෂ 1983 දී බංග්ලාදේශයේ ස්වාධීන බැංකුවක් ලෙස ක්‍රියාත්මක වීමට එරට රජය මගින් ග්‍රාමීන් බැංකුවට අවසර ලබා දී ඇති අතර දත්ත වලට අනුව 2022 වර්ෂය වන විට මුළු ණයගැතියන් ප්‍රමාණය මිලියන 9.5කට ආසන්න සංඛ්‍යාවක් ද, එයින් සියයට 96.81 කාන්තාවන් බව ද දැක්වේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ අරමුණ
මේ ක්‍රමය වඩාත් ජනප්‍රිය වූයේ සාම්ප්‍රදායික ලෙස ණය ලබාගැනීමට අපහසු ජනතාවට, විශේෂයෙන් දිළිදු ප්‍රජාවට ඔවුන්ගේ දරිද්‍රතාවය මර්දනය කර ගැනීමට හැකි සංකල්පයක් ලෙසයි. එසේම සාධාරණ කොන්දේසි මත, සාම්ප්‍රදායික ඇප නොමැති, පහසු ණය වාරික සහ කණ්ඩායම් ණය ක්‍රම මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකිය.
ග්‍රාමීය දිළිදු ජනතාවට ස්වයං රැකියාවක් හෝ සිදුකරමින් තමා හෝ තමාගේ කුටුම්භය සිටින තත්ත්වයෙන් උසස් තත්ත්වයකට පැමිණීමට අතදීම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයෙහි ප්‍රධාන අරමුණයි.
සැබැවින්ම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය යනු ව්‍යාපාරයකි. නමුත් එහි වැඩි ප්‍රතිලාභයක්, සාධාරණත්වයක් දිළිදු ජනතාව වෙත ලැබෙන පරිදි පවත්වාගෙන යාමට රජයේ නියාමනය ඉතා වැදගත් බව විශේෂයෙන් අවධාරණය කළ යුත්තකි.
වර්තමාන තත්ත්වය
දත්ත වලට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ 15000කට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන පවතින බව දැක්වේ. මෙම පහළොස් දහස තුළ නිසි ලෙස රජයේ ලියාපදිංචි ආයතන කීයක් පවතිනවා දැයි පැහැදිලිව සදහන් කළ නොහැකි ය.
විශේෂයෙන් පසුගිය මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය අළලා යම් යම් දේශපාලන කණ්ඩායම් මගින් පවත්වනු ලැබූ විරෝධතා, යම් යම් සංවිධාන මගින් සිදුකරනු ලැබූ මාධ්‍ය හමු මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම දැඩිව විවේචනය කරනු ලැබූ අතර දත්ත වලට අනුව ශ්‍රී ලාංකේය දිළිදු පවුලේ ගෘහණිය වැඩි වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම හා ගනුදෙනු කරනවායැයි කීම නොරහසකි.
එසේ හෙයින් සමහරු මෙම ක්‍රමයට ආමන්ත්‍රණය කරනු ලබන්නේ “ඇඳ ණය” ලෙස ය. ඔවුන් මෙයට එසේ “ඇඳ ණය” ලෙස නම් තබා ඇත්තේ සමහර කාන්තාවන් මේ ඔස්සේ ලිංගික අතරවරයන්ට ලක්වන හෙයින් යැයි කියති.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පිළිබද විශේලේෂණය කරන්නන්ට අනුව ලංකාවේ සමහර ප්‍රදේශයන්හි එක් අයෙකු දළ වශයෙන් ආයතන තුනකින්වත් ණය ලබාගෙන ඇත. එලෙස ලබාගත් ණය එකතු කිරීමේ දී විශේෂයෙන් කාන්තාවන් විවිධ තර්ජන, ගර්ජන වලට, අඩන්තේට්ටම් වලට ලක්වන බවත් පසුගිය වසර තුනක කාලය තුළ 200කට පමණ අධික කාන්තාවන් පිරිසක් ණය ගෙවාගැනීමට නොහැකිව සහ එම පීඩනයන්ට මුහුණ දීමට නොහැකිව සියදිවි නසාගෙන ඇති බව දක්වයි.
යමෙක් මෙම ක්‍රමය හදුන්වාදෙන්නේ දිළිදු ජනතාව දරිද්‍රතාවයෙන් ඔසවා තැබීමට සැකසූ ක්‍රමයක් නොව පීඩිත ප්‍රජාව තලාපෙලා ලාභ ඉපැයීමේ ක්‍රමයක් ලෙස ය.
අපේ නිරීක්ෂණය
අප දන්නා පරිදි මහාචාර්ය මොහොමඩ් යුනුස් මැතිතුමා දිළිදු ජනතාව වෙනුවෙන් හදුන්වා දුන් ග්‍රාමීන් බැංකු ක්‍රමය ඉතා සාර්ථකව ඉදිරියට යමින් ඇත. එලෙසම අප රට තුළ ද ඉතා සාර්ථක, සැබැවින්ම ඉලක්කගත ජනතාවට සහන ගෙන දෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවතින බව තහවුරු ය.
සෑම කර්තව්‍යකදීම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ බහුතර හොද ක්‍රියාවන් මැද එයට අනුචිත, හොද ක්‍රියාවන් විනාශකාරී මට්ටමට ඇද දමන ක්‍රියාපිළිවෙත් බොහෝ සෙයින් පවතින බවයි. එය ඉතිහාසයේ සිටම පැවතගෙන එන්නක් යැයි කිවහොත් නිවැරදි ය.
විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය අනුගමනය කරමින් බිහිවන ගමේ ගිනිපොළී මුදලාලිලා සැබැවින්ම මෙම ක්‍රමයට සාධාරණයක් ඉටුකරනවා ඇතැයි අපට සිතිය නොහැකිය.
එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට විනකටින, ලංකාවේ නීතියට අනුව ලියාපදිංචිය පවා සිදුනොකළ චීන හා ඉන්දියානු සමාගම් රැසක් ඇති බවට අපට ලැබෙන තොරතුරු අනුව තහවුරු කරගත හැකිය.
ඉහත සදහන් කළ පහළොස් දහසක් පමණ වෙතැයි අපේක්ෂා කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදෙන ආයතන අතරින් අතේ ඇගිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් ලංකාවේ නීතියට අනුව සමාගම් මැදුරේ ලියාපදිංචි කළ, ඉතා විනිවිදභාවයෙන් කටයුතු කරන, ඔවුන්ගේ මවු සමාගම් යුරෝපයේ පවතින ආයතන කිහිපයක් අපට හදුනාගන්නට හැකි විය.
එසේ නම් ජනතාව රවටා, ඔවුන් කබලෙන් ලිපට ඇද දමමින්, අත්තනෝමතික ලෙස මුදල් ඉපැයීම තම එකම පරමාර්ථය කරගත් ආයතන හේතුවෙන් නිසි ක්‍රමවේදයන්ට අනුව ක්‍රියාත්මක වන ආයතන වලට ද පහර එල්ල කිරීම උචිත දැයි අපි කතිකාවතක් ඇති කළ යුතුව ඇත.
ආණ්ඩු හා විපක්ෂ දේශපාලන කණ්ඩායම් වල වගකීම,
පසුගිය කාලයේ දී ඡන්ද පොරොන්දු ලෙස විවිධ ආණ්ඩු මගින් ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරිනවා යැයි පොරොන්දු ලබාදුන් බව අපට අමතක නැත. වර්තමානයේ ද විවිධ දේශපාලන කණ්ඩායම් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුව දඩමීමා කොට ගනිමින් දිළිදු ජනයාගේ ඡන්දය කොල්ලකෑමට කැසකවන බව බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
අපට අවශ්‍ය වන්නේ ඡන්ද කාලයට පමණක් උඩට එන, දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වල මුද්‍රණය කොට පමණක් ඇති බොරු පොරොන්දු නොවේ.
වංචාකාරී ලෙස ක්‍රියාත්මක වන ආයතන නිසි ලෙස නියාමනය කොට, ඔවුනට එරෙහිව අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීම හා ලංකාවේ නීතිරීති වලට අනුගතව, නිසි අයුරින් ලියාපදිංචි කළ, ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන ආයතන දිරිමත් කරවීම ආණ්ඩු වල වගකීමක් බව ද සදහන් කළ යුතුය.
එසේම ආණ්ඩු කළ යුත්තේ තවදුරටත් සමෘද්ධිය, අස්වැසුම ලබාදෙමින් රාජ්‍ය මුදලින් ජනතාව නඩත්තු කරනවා වෙනුවට නිසි ක්‍රමවේදයන් යටතේ දිළිදු ජනතාව සාමූහිකත්වයෙන්, සහයෝගීතාවයෙන් යුතුව ව්‍යවසායකයන් ලෙස දිරිගන්වන ක්‍රමවේදයකට ඉඩ සලසමින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දිරිගන්වමින් ඒවායේ නිසි ප්‍රතිඵල ජනතාවට ලැබීමට සැලස්වීම නොවේ ද?
සංවාදයට විවෘතයි...ඔබේ අදහස් වලට අපෙන් ඉඩක්...
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්