රුසියාවේ අගනුවර දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්, 93ක් මරුට
රුසියාවේ මොස්කව් නර්තන ශාලාවකට (Crocus City Hall) ඇතුළු වූ තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මේ වන විට 93කු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
FSB ෆෙඩරල් ආරක්ෂක සේවයට අනුව ක්‍රොකස් සිටි ශාලාවේදී 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ශාලාව තුළ පුද්ගලයින් 6,200 ක් පමණ සිට තිබෙනවා.
ප්‍රසිද්ධ රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන පික්නික් කණ්ඩායම විසින් මෙම ප්‍රසංගය පවත්වමින් සිටි අතර
ක්‍රොකස් සිටි ශාලාවේ උපරිම ධාරිතාව 9,500 ක් බවත් මෙදින ද විශාල ප්‍රෙක්ෂකයන් පිරිසක් මෙහි සිට ඇති බව වාර්තා කරනවා.
හුවමාරුවූ වීඩියෝ පට වල දැක්වෙන්නේ වෙඩි සහ පිපිරීම් නාද වලින් භීතියට පත් වූ ප්‍රසංගය නරඹන්නන් ආවරණ සොයා දිව යන අයුරුය. ත්‍රාසජනක චිත්‍රපටකට සමාන වූ වීඩියෝවේ හැටියට විශාල ගින්නක් ගොඩනැගිලි සංකීර්ණයේ වහලය පැතිරී යන අතර රුසියානු ජාතික ආරක්ෂකයින් තුවක්කුකරුවන් සොයමින් සිටින ආකාරය දිස්වුණා.
ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, ක්‍රොකස් ප්‍රසංග භූමියේ වෙඩි තැබීමේ ප්‍රහාරයට සහ පිපිරීමට පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වී ඇති අතර විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ ISIS ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කළ බවට මේ වන විට පිළිගෙන ඇති බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්