පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරනවා - අනුර කැනඩාවේ දී කියයි
මාලිමාවේ පාලන බලයක් යටතේ අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව අනුර කුමාර දිසානායක කැනඩාවේ ටොරොන්ටේහි දී පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
එහිදී ඔහු සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් විධිමත් ලෙස පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් අද ජාතික ජන බලවේගය සමග එක්ව සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉතාමත් විධිමත් පරීක්ෂණයක් කරන ලද නිලධාරීන් අද අපිත් එක්ක ඉන්නේ. මැයි මාසේ අපේ පොලිස් සාමූහිකය ඉදිරිපත් කරනවා. ඒකේ ප්‍රධානියා වෙන්නෙත් පාස්කු පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවපු නිලධාරියා. ඒ නිසා බය වෙන්න එපා. ඒ ගැන අපි පරීක්ෂණයක් තියනවාමයි. මොකද ඒක කාලයේ වැලිතලාව විසින් යටපත් වෙන්න ඉඩ නොදියයුතු කරුණක්. ඒක ඛේදවාචකයක්. සිද්ධියෙන් මියගියා දෙසිය හැට ගණනක්. පන්සීයකට විතර තුවාල වුනා. ඒකම නෙවෙයි ප්රශ්නය. අපේ සමාජයක් දෙපළු කිරීම. සිංහල මුස්ලිම් ජනතාව අතර සැකය, වෛරය, ක්‍රෝධය වර්ධනය කිරීම. එක ජන කණ්ඩායමක් බියට පත් කරලා තිබුණා. ඒවා කොහෙන්ද මැනෙන්නේ. අපි මනින්නේ නැතිවුණ ජීවිත. අපි මනින්නේ තුවාල වුණු ජීවිත. හැබැයි සමාජය දෙපළු කිරීම, ජන කණ්ඩායමක් බියෙන් ජීවත් කිරීම සාධාරණ නෑ ඒ නිසා ඒකට අනිවාර්ය ලෙස සාධාරණ යුක්තිය ඉටුකරනවා හරි පැහැදිලිව. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. අපි ඒක කරනවා යනුවෙන් අදහස් දක්වා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්