අමරවීර, දුමින්ද, ලසන්ත ශ්‍රීලනිප තනතුරු වලින් නෙරපයි
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන හා ආණ්ඩුව සමග කටයුතු කරන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කර තිබෙනවා.
ශ්‍රීලනිපයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයන් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැදවා තිබූ අතර එහි දී විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇතැයි දවස පුවත් වෙත වාර්තා වෙනවා.
මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයේ ද, ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාරික ධුරයේ ද, දුමින්ද දිසානායක මහතා ජාතික සංවිධායක ධුරයේ ද මින් පෙර කටයුතු කරනු ලැබුවා.
මෙම පක්ෂ තීරණයෙන් පසුව ඔවුන් තිදෙනා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පක්ෂ තනතුරු වලින් තමන් ඉවත් කිරීම කිසිසේත්ම පිළිනොගන්නා බවත් ඉදිරියේ දී අධිකරණය වෙත යන බවත් ය.
කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දරන පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ධුරයේම තවදුරටත් කටයුුතු කරමින් සිටින බව ද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්