අලුත් අවුරුදු නැකැත් ගැටුම දුරදිග යයි
මෙම ඡායාරූපයේ සිටින්නේ රොෂාන් චානක තිසේරා මහතායි.
රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට විවේචනය කරමින්, ඊට විරුද්ධව අදහස් පළකිරීම හේතුවෙන් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වෙනවා.
ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් සීට්ටුව විවේචනය නොකරන ලෙසටත්, විකල්ප නැකැත් ඉවත්කර ගන්නා ලෙසටත්, එසේ නොකළහොත් මරා දමන බවටත් විවිධ ක්‍රම මගින් තමාට මරණීය තර්ජනය එල්ල වන බවයි.
ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් රාජ්‍ය නැකැත් කමිටුවේ අවුරුදු නැකැත් වැඩි වශයෙන් විවේචනය කරනු ලැබූයේ තමන් බවත් ඒ හේතුවෙන් නිදහසේ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටත් රොෂාන් චානක තිසේරා මහතා පවසනවා.
ඔහු තවදුරටත් පවසන්නේ රාත්‍රී කාලයට අවුරුදු නැකැත් යෙදෙන පරිදි රාජ්‍ය නැකැත් කමිටුව සකස් කර ඇති නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීම තුළ ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන්ට තනි තනිව තම තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීමට සිදුව ඇති බවයි.
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ වැරදි පෙන්වා දීමට පසුගිය කාලසීමාවේ තමා විශාල වැඩකොටසක් සිදුකළ බවත් මේ පිළිබඳව රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් උරණ වී සිටින අතර විකල්ප අදහස් ජනගත වීම වැළැක්වීමට ඔවුන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සිටින බවත් රොෂාන් චානක තිසේරා මහතා පවසා තිබෙනවා.
එමෙන්ම, තමාට තවදුරටත් ජීවිත තර්ජන එල්ල වුවහොත් රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්ට විරුද්ධව නීත්‍යනුකුලව පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරන අතර ඔහුට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් ද දැනුවත් කර ඇති බව ඔහු පවසනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්