කාඩ්බෝඩ් සමාජවාදීන්ට මගේ ගමන නවත්වන්න බෑ - සජිත් මාතර දී කියයි
සමගි ජන බලවේගයේ සමගි විහිදුම් බළගණය විසින් සංවිධානය කෙරුණු "පෙරළියට සූදානම්" මාතර තරුණ රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (30) මාතර දී පැවැත්වුණා.
මෙම අවස්ථාවේ දී සමගි විහිදුම් බළගණයේ මෘදුකාංගය ද විපක්ෂ නායකවරයා අතින් එළිදැක්වුණා.
රැළිය ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ රටේ තාරුණ්‍යය දේශපාලකයා විශ්වාස නොකරන බවයි. නමුත් අපි සුපුරුදු ක්‍රමය ක්‍රියාත්මක කරන සම්ප්‍රදායානුකූල දේශපාලකයන් නොවෙයි. බලයක් නැතුව වැඩක් කරලා පෙන්නපු අපිට හයිය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ළග හොරු, පගාකාරයෝ, කොමිස්කාරයෝ නෑ. එක ඉල්ලීමක් කරනවා 2019 වගේ මිරිගුවක් පස්සේ ගිහිල්ලා දෙයියන්ගේ නාමෙට ඉල්ලං කන්න එපා කියලා. කාඩ්බෝඩ් සමාජවාදියෝ මට චෝදනා කරනවා මම බෙදනවා කියලා. නමුත් ඒ කණ්ඩායමේ ලොක්කෝ එයාලගේ දරුවෝ සැපට ඉන්නවා. කාඩ්බෝඩ් සමාජවාදීන්ට මගේ ගමන නවත්වන්න බෑ යනුවෙන් එතුමා අදහස් දක්වා සිටියා.
එසේම පා. ම. බුද්ධික පතිරණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ තරුණයින්ට දෙපයින් නැගී සිටීමට හැකි ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගන බවයි. සෑම ක්ෂේත්රයකම තරුණයාගේ අනාගත වගකීම ද ඔවුන් බාරගන්නා බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.
එහිදී අදහස් දැක්වූ පා. ම. හේෂා විතානගේ මහතා කියා සිටියේ රටේ කොතැනක රැළි පැවැත්වුවත් සියයට තුනේ බලකායට අපේ කොල්ලෝ කෙල්ලෝ නැවත අන්දන්න බෑ කියන පිළිතුර තමයි අද මාතරින් දුන්නා බොරු රැළි වලට ජනතාව රැවටෙන්නේ නෑ යනුවෙන් ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්