මොන පැත්තේ වාඩිවෙලා හිටියත් බෙදාගන්නේ අපේ තාත්තාගේ ජනවරම - නාමල් රාජපක්ෂ
හැටනම ලක්ෂයේ ජනවරම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිට දැන් ඉවත්ව සිටින සියලුම පක්ෂ වලට යළි එක්වන්නැයි එම පක්ෂයේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා තංගල්ලේ දී පැවති ජනරැළිය අමතමින් ඇරියුම් කර සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමාන ආණ්ඩු ක්‍රියාත්මක කරන සමහර යෝජනා, ප්‍රතිපත්ති වලට අපි එකග වෙන්නේ නෑ, දේශීය ආර්ථිකය නංවන්න නම් ජාතික සම්පත් රැකගත යුතුයි. අපි ගුවන්තොටුපොලක් හැදුවේ වී ගබඩා කරන්න නෙවෙයි. වරායක් හැදුවේ කුණු කොල්ලෙට විකුණන්න නෙවෙයි. අධිවේගී මාර්ගයක් හැදුවේ ඇඹුල්තියල් ගෙනියන්න නෙවෙයි. අපි නෙළුම් කුළුණ හැදුවේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට දාන්න නෙවෙයි. පොදුජන පෙරමුණ දැවැන්ත දේශපාලන බලවේගයක්, පසුගිය කාලයේ අපේ අයත් එක්ක බොහෝ හිත් අමනාපකම් ඇතිවුණා.
අපෙන් වෙන් වෙලා ගියපු බොහෝ අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට අපි ආරාධනා කරනවා. අපි සාකච්ඡා කරමු. හැටනම ලක්ෂෙට අයිතිකාරයෝ අද ගොඩාක් ඉන්නවා බෙදිලා, හැබැයි මේ හැමදෙනාම මොන පැත්තේ වාඩිවෙලා හිටියත් බෙදාගන්නේ අපේ තාත්තාගේ ජනවරම යනුවෙන් ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්