කාන්තාවකට තනිව ගමන් කළ හැකි හොදම ගමනාන්ත අතර ලංකාව ලෝකයේ පෙරමුණට
ලෝකයේ ඕනෑම කාන්තාවකට 2024 වසරේ ආරක්ෂිතව තනිව සංචාරය කළ හැකි ලොව හොදම රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
Timeout වෙබ් අඩවිය මගින් මෙම සහතිකය ලංකාවට ලබා දී ඇති අතර Timeout යනු ලොව ප්රමුඛ පෙළේ සංචාරක ගමනාන්ත, ආහාර, සංස්කෘතීන්, චිත්‍රපට ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබද දත්ත, විචාර ඉදිරිපත් කරන වෙබ් අඩවියකි.
ඔවුන්ගේ සමීක්ෂණයට අනුව 2024 තනි කාන්තාවකට සංචාරය කළ හැකි හොදම ගමනාන්තය ශ්‍රී ලංකාව බවට නම් කර තිබෙනවා.
ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂී, චමත්කාරජනක කදිම රාජ්‍යයක් බවට ඔවුන් හදුන්වා දී තිබෙනවා.
එසේම විවේකයක් සොයන තනි කාන්තාවකට සුදුසු වෙරළ තීරයන් ලෙස ආරුගම්බේ, මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීර එම වෙබ් අඩවිය මගින් නම් කර තිබෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්