ශ්‍රීලනිප ගැටළු දුරදිග යයි, මෛත්‍රීට වාරණයක්
කොළඹට ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හිතවාදී පිරිස් අද (04) ඇතුළු වී ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
පසුගියදා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරු වලින් ඉවත් කළ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එහි ගොස් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. පක්ෂ සභාපතිවරයා ඔවුන් තනතුරු වලින් ඉවත් කළ ද අධිකරණ නියෝගයක් මත ඔවුන් නැවතත් එම තනතුරු වල කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුණා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දැරූ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අති විශාල පසුබෑමකට ලක් වූ බවත් ඊට ඔහු වගකිව යුතු බවත් එහිදී ඔවුන් චෝදනා එල්ල කරනු ලැබීය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් මේ වන විට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිත්වය අත්හිටුවමින් මේ වන විට අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබීම මෙම ගැටළුව දුරදිග යාමට හේතු වී ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්