Weather icon
27°C 
News Category
From Date
To Date
Maximum Number of Result

අවුුරුදු නැකත් ගැටළුව/ ආත්ම විශ්වාසයත් සමග වැඩකරන්න - ඇමති විදුර ජනතාවට කියයි



















මෙවර අලුත් අවුරුදු ක්‍රීඩා සදහා නිර්ණායක ඉදිරිපත් කරන බව අද (05) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ සිටියා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙමාපියන්ට සහ දරුවන්ට එකට එක්ව අවුරුදු උත්සව වලට සහ ක්‍රීඩා අංග වලට එකතු වියහැකි, නැරඹිය හැකි ආකාරයෙන් අලුත් අවුරුදු අංග සිදුවිය යුතු බවයි. අපේ සංස්කෘතියට එකග ආකාරයේ සියලුම දෙනාට මානසික පීඩාවකින් තොරව වින්දනයක් ලබාගැනීමට හැකි පරිදි ඒවා සිදුවිය යුතු බවට ද පැවසූ අතර කිසිවකට තහංචි පනවා නැති බවද කියා සිටියා.  

මෙවර පැනනැගී ඇති අලුත් අවුරුදු නැකත් ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ නැකත් සම්බන්ධ ප්‍රකාශ නිකුත් කළේ අමාත්‍යාංශ ලේකම්තුමා තමයි. නමුත් මට දෙන්න තියෙන්නේ එක උත්තරයයි, මම කියන්නේ මිනිසුන්ට ආත්ම විශ්වාසයත් එක්ක වැඩ කරන්න කියලා. බුදුන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ නැකැත් වලට වැඩ කරන්න කියලා. ග්‍රහ තාරකා වලට, විවිධ වස්තූන්ට මිනිසකෙුගේ ඉරණම තීරණය කළ හැකි ද කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නැකැත් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්, මටත් තියෙන ගැටළුව තමයි මොන ක්‍රමයෙන් ආවත් එක උත්තරයයි එන්න ඕනේ.  උත්තර හතරක් පහක් තියෙන්න විදිහක් නෑ,  මේකත් අපේ සංස්කෘතියට පහර එල්ල කිරීමක් වෙන්න පුළුවන්, ලෝකේ එකම වෙලාවට කිරිබත හදලා කන එකම රට ලංකාව, මේ නැකත නිසා ඒකත් නැති වෙයිද කියලා මට අවිශ්වාසයක් තියෙනවා. 

නැකැත් කමිටුව පත්කරලා තියෙන්නේ එක්දහස් නවසිය ගණන් වල විජමු ලොකුබණ්ඩාර මැතිතුමා, 92 සිට මේ දක්වා සංශෝධන රහිතව මේ රාජ්‍ය නැකත් කමිටුව ඇවිල්ලා තියෙනවා. කොයි ආකාරයෙන් පත්වීම් දුන්න ද කියලා අදටත් මට දන්වලා නෑ.  

එක හින්දු මනුස්සයෙක් නැකත් වලට වැඩ කරනවා ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිව්වට, පුද්ගලයෙක් හැටියට මම වැඩකරන්නේ වෙලාවල් බලලා නෙවෙයි. රට බංකොළොත් උනේ  කොහොමද මේච්චර වෙලාවල් බලපු රටක, 

මේවායේ විශාල වෙනස් වීම් සිදුවිය යුතුයි. ඒක අමාත්‍යාංශයෙන්ම ඇතුළෙන්ම සිදුවිය යුතුයි. ජනාධිපතිතුමාටත් මම කියලා තියෙනවා. ඒත් මම බලාපොරොත්තු වෙන උත්තරය නම් තාම ලැබුණේ නෑ යනුවෙන් ද එතුමා පවසා සිටියා. 


Related News

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.
ලොව මෙතෙක් බිහි වූ විශාලතම තොරණ ලෙස ලෝකයේම අවධානය හා ආකර්ෂණය ලැබෙන පරිදි නිර්මාණය කරන ඓතිහාසික පානදුර නගරයේ මෙවර ඉදිකෙරෙන තොරණ ගිනස් වාර්තාවක් පිහිටවන මට්ටමින් සංවිධානය කර ඇති බව තොරතුරු අනාවරණය වේ
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බවයි.
ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ,අතුරුදහන් හා ජීවිතක්ෂයට පත් වූ මෙන්ම විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ,ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛන උපදෙස් නිකුත් කර ඇති බවත් දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත්,භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත ලේඛනවල අඩුපාඩු හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇති බව සදහන් වෙයි.
2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.
ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.
ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

උණුසුම් පුවත්

ICCයට අනුව වනිදු පෙරමුණේ

ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 20 – 20 තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.

ලොව මෙතෙක් බිහි වූ විශාලතම තොරණ ලෙස ලෝකයේම අවධානය හා ආකර්ෂණය ලැබෙන පරිදි නිර්මාණය කරන ඓතිහාසික පානදුර නගරයේ මෙවර ඉදිකෙරෙන තොරණ ගිනස් වාර්තාවක් පිහිටවන මට්ටමින් සංවිධානය කර ඇති බව තොරතුරු අනාවරණය වේ

බැංකු ණය පොළී අනුපාතය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බවයි.

ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ,අතුරුදහන් හා ජීවිතක්ෂයට පත් වූ මෙන්ම විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ,ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛන උපදෙස් නිකුත් කර ඇති බවත් දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත්,භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත ලේඛනවල අඩුපාඩු හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇති බව සදහන් වෙයි.

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,

2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.

ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී

ජංගම දුරකථනය ආරෝපණය කිරීම සදහා චාජරයක් මගින් විදුලි පේනුවකට සම්බන්ධ කර ඇති අතරතුර එමගින් වීඩියෝ නරඹමින් සිටි දැරියක් විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

සිව් වසරකට පසු හමු වූ මළ සිරුර

ගාල්ල , තවලම , හල්කන්ඳ ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වැසිකිළි වළක තිබූ හමු වූ මෙම සිරුර මළ සිරුර මීට වසර 04කට පෙර අතුරුදන් වූ 29 හැවිරිදි තිදරු මවකගේ මෘත දේහය යැයි තහවුරු වී ඇත.

මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල පාර්ශ්වය හා පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් අද (14) තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී

කොවිඩ් වසංගතය පාලනය සදහා ඇස්ට්‍රාසෙනිකා නමැති සමාගමෙන් හදුන්වා දුන් එන්නත මගින් අතුරු ආබාධ ඇතිවන බව එම සමාගම බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.