“කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු” නව ජනතා පෙරමුණෙන් විරෝධතාවයක්
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා “කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු” යනුවෙන් නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ ඔවුන් කියා
සිටියේ ලෝකයේ මැයි දිනය යනුවෙන් දිනයක් වෙන්කර ඇත්තේ තුන්සිය හැටපස් දවසේම තම
උපරිමය කැපකරමින් මහන්සියෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවත් ලංකාවේ එය දේශපාලකයන්ගේ
දිනයක් බවට පත්කරගෙන ඇති බවයි.
දරුණු ආර්ථික අර්බුදයකින් රට ගොඩඑමින් සිටින මොහොතක වුවද දේශපාලකයන් මිලියන ගනනින් මුදල් වියදම් කරමින් තමන්ට පක්ෂපාතීත්වය දක්වන ජනතාවගේ ප්රමාණයන් පෙන්වන්නටත්, දේශපාලන පම්පෝරි ඇදබාන්නටත් කම්කරු දිනය උගසට ගෙන ඇති බව ද “ජන දුක හදුනන නායකත්වය, කම්කරුවා වෙනුවෙන් පෙරට” ආදී වැකි පෙරටුකොට ගනිමින් පෙළපාලි යමින් වැඩ කරන ජනතාව දේශපාලකයාගේ අතකොළුවක් බවට පත්ව කරගෙන ඇති බව ද මැයි දිනයේ දී සැබෑ ලෙස වැඩකරන ජනතාවගේ බලය පෙන්විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්