වෙලාව ආවාම අපි අපේ තීරණය දැනුම් දෙන්නම් - මහින්ද රාජපක්ෂ කියයි
මෙවර පවත්වනු ලබන මැයි රැළිය ඉතාමත් තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා අද (01) බොරැල්ල කැම්බල් පිටියේ දී
පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැළියට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.
"රොඳ බඳිමු අපි එක සිතින් - එක්සත්ව හදවතින්" යන්න තේමා
කරගනිමින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය අද (01) පස්වරු 3ට පමණ ආරම්භ කෙරුණු අතර ගිය වර මෙන්ම මෙවර ඔවුන්
මැයිදින පෙළපාලියක් නොපවත්වනු ලැබුවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස්
දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට
තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැළිය තීරණාත්මකයි. මීළඟ
ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොහෙටද කියන තීන්දුව අද පටන් අපි රටට
පෙන්වන්න ඕනේ."
ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු, මේ රටේ අනාගතය නැති කරපු අයගේ ඔඩොක්කුවට
වැටෙන්න යන්න එපා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නෙත් අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා තමයි.
සමහරු බලයි මෙතරම් විශ්වාසයෙන් ඇයි මෙහෙම ප්‍රකාශ කරන්නේ කියන්නේ කියලා. වෙලාව ආපුවාම රටට අපේ තීරණය දැනුම් දෙන්නම් යනුවෙන් එතුමා ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී