Weather icon
23°C 
News Category
From Date
To Date
Maximum Number of Result

ආචාර්ය නලින් ද සිල්වා මැතිදුන් අභාවප්‍රාප්ත වෙයි

May 2, 2024 at 10:48 PM
|


සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයා, චින්තකයා ලෙස හැදින්වූයේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. එවැනි සංගත දැනුමක් ඇත්තෙකු යළි  සියවස් ගණනකින්වත් බිහිවෙනු ඇතැයි සිතිය නොහැකි යැයි කිවහැකිය. එහෙත් එතුමාගේ අදහස් නිවැරදි ලෙස ග්‍රහණය කරගත නොහැකි පිරිසට එතුමා මිත්‍යා මත දරන්නෙක් හා ජාතිවාදියෙක් ලෙස ද පෙනුණි.

1944 ඔක්තෝම්බර් 20 දින පානදුර, කෝවිලගොඩැල්ලහි උපන් නලින් ද සිල්වා මහතා පානදුර, වෑකඩ  බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ද්වීතියික අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් හා රාජකීය විද්‍යාලයෙන් ලබාඇත. ඔහු 1970 දී විවාහ වන අතර ඔහුට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක සිටී.

1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1967 දී ගණිතය අංශයෙන් පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් ලැබූ එතුමා ආචාර්ය උපාධිය සඳහා ගියේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයටය. මහාචාර්ය මැක්රේ මහතා (William McCrea) යටතේ සෛද්ධාන්තික විශ්ව න්‍යාය (Cosmology)  පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනය අවුරුදු එක හමාරක් (මාස 18)  වැනි කෙටි කාලයකින් අවසන් කර ආචාර්ය උපාධිය ලබාගත් එකම විද්වතා වන්නේ  නලින් ද සිල්වා මහතා බව ද කියැවේ.

1970 දී ආචාර්ය උපාධිය ලබනවිට එතුමාගේ වයස අවුරුදු 26 කි. එයද ලංකාවේ කිසිවෙකු තවමත් අතික්‍රමණය නොකළ වාර්තාවකි. ආචාර්ය උපාධියෙන් පසු ලංකාවට පැමිණි එතුමා පේරාදෙණි සරසවියේ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 05ක් සේවය කර ඇත. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්යවරයකු ලෙස පත්විය. අවසන් කාලයේ  විශ්‍රාම ලැබූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ද කලක් සේවය කළ මහාචාර්යවරයකු වශයෙනි.

Sussex විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් ගණිතඥයකු මෙන්ම රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු ද වූ මහාචාර්ය විලියම් මැක්රේ මහතා නලින් ද සිල්වා මහතා ලංකාවට බලා පිටත්ව යද්දී  "ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි" (your country will be proud of you) යනුවෙන් ලියා දී ඇති බවට සදහන්ව පවතී. ඒ කෙසේ වුවත් ඉතා අතලොස්සක් හැර අපේ රටේ මිනිසුන් එතුමා ගැන ආඩම්බර වූවාද සැක සහිතය. එතුමාගේ වටිනාකම හදුනාගෙන තිබුණේ ද නැති තරම් ය. විසුරුණු  ජාතික අදහස්වලට න්‍යායක් ගොඩනගා දුන්නේ මහැදුරු නලින් ද සිල්වා මැතිදුන් වුවත් ඒ බව ජාතික චින්තන කදවුරේ අයට ද ඒ පිළිබද නිසි අවබෝධයක් තිබුණාදැයි සැක සහිත ය. බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මනාව මිදුණු  එතුමාට සම කළ හැකි ප්‍රාඥයෙක් මෑත ඉතිහාසයේ බිහිව ඇත්දැයි කිව නොහැකි තරම් ය.

නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි.

1986 දී ඔහු විසින් මගේ ලෝකයකෘතිය තුළින් දර්ශනවාදී අදහස් ඉදිරිපත් කළේය.

එතුමාගේ පුතාගේ සුවදුක් බැලීම සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් සිටිය දී මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් විසින් තහවුරු කර ඇත. අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබද ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව ද සදහන් වේ.

 

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.