Weather icon
24°C 
News Category
From Date
To Date
Maximum Number of Result

අඛණ්ඩ වැඩ වර්ජනයේන් ,අඛණ්ඩ අධ්‍යයන‍යට බලපෑම්

May 9, 2024 at 08:09 PM
|

අඛණ්ඩ   වැඩ වර්ජනයෙන් ,අඛණ්ඩ අධ්‍යයන‍යට බලපෑම් 


වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (09) දිනයේත් ක්‍රියාත්මකයි.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී ඇත.ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දැඩි අර්බුදකාරි තත්වයකට පත්ව ඇත.


විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා මේ පිළිබද අදහස් දක්වමින් පෙරේදා (7)දින කියා සිටියේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බවයි.ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා වන ප්‍රවේශ අත්පොත සකස් කරමින් තිබුණ ද මේ වන විට එය සකස් කිරීමේ කටයුතු ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් විට විශ්වවිද්‍යලවලට නවක සිසුන් බඳවා ගැනීම ප්‍රමාද වියහැකි බවත් ඔහු පැවසීය.

මේ වන විට විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම් සිදුවී තිබුනද ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටින අතර එම තත්වය මත විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීමක් ද සිදුනොවන බව ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසා සිටියේය.තවද විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ කටයුතු ද මේ සමග නතර වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් සහ උප ලේකම් යන කාර්යාල ද වසා ඇති අතර විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද වැඩවර්ජනයක නිරතව සිටීම නිසා ලේඛකාධිකාරී කාර්යාල පවා වසා ඇති බවත් එම මහතා පවසන ලදි ඒ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි.


ඒ අනුව ඊයෙ ( 08 ) දින එම කැබිනට් අනුකමිටුව  රැස් විය.

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.