ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2024 ජූනි 1 වැනිදා ආරම්භ වන ICC පිරිමි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව, මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ ක්‍රීඩකයින් ගේ ලැයිස්තුව පහත පරිදි වේ.
1) වනිඳු හසරංග- නායක
2)චරිත් අසලංක - උප නායක
3) කුසල් මෙන්ඩිස්
4) පැතුම් නිශ්ශංක
5) කමිඳු මෙන්ඩිස්
6) සධීර සමරවික්‍රම
7) ඇන්ජලෝ මැතිව්ස්
8) දසුන් ශානක
9) ධනංජය ද සිල්වා
10) මහේෂ් තීක්ෂණ
11) දුනිත් වෙල්ලාලගේ
12) දුෂ්මන්ත චමීර
13) නුවන් තුෂාර
14) මතීෂ පතිරණ
15) ඩිල්ෂාන් මධුශංක
මීට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙක්ද මීට ඇතුළත්.
1. අසිත ප්‍රනාන්දු
2. විජයකාන්ත් විජයකාන්ත්
3. භානුක රාජපක්ෂ
4. ජනිත් ලියනගේ
මෙම කණ්ඩායම 2024 මැයි 14 වැනිදා ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිත බව පැවසෙ.
මෙම තරග ඇමෙරිකාවේ ක්‍රීඩාංගණ 3කදී සහ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 6කදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.තරගාවලියට එක්වන කණ්ඩායම් 20 මුලික වටයේදී කාණ්ඩ 4කින් තරගවැදීමට නියමිතය.ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය ,නෙදර්ලන්තය සහ නේපාලයයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලානයේ සහභාගී වන පළමු තරගයේදී දකුණු අප්‍රිකාව සමඟ ලබන ජුනි මස 3 වැනිදා නිව් යෝර්ක්හිදී තරග වැදීමට නියමිතය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්