රුසියා - යුක්රේන යුධ බිමට ගිය ලාංකිකයන්
රුසියා - යුක්රේන යුධ බිමට ගිය ලාංකිකයන්
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් නීති විරෝධි මාර්ග ඔස්සේ රුසියා - යුක්රේන යුද්ධය සදහා යෙදවීමේ මිනිස් ජාවාරමකට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, ආරක්ෂක ලේකම් වරයා අදාල සෙබළුන්ගේ පවුලේ සාමජිකයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙසයි.
මෙම ක්‍රියා දාමය ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් වන බැවින් මේ සදහා අවධානය යොමු කර ඔබ දන්නා තොරතුරු තිබේනම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්