සිහින සමීකරණ 17 දා විසදෙයි
සිහින සමීකරණ 17 දා විසදෙයි
තාරුණ්‍යයට ජිවිතේ මග වරදින්න යන්නේ පොඩි කාලයක්.එහෙම මග වැරදුනා කියලා ජිවිතේ ඉවර වෙන්නෙ නෑ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ, ජීවිතයට ඇහැරෙන්න පුළුවන්.
ඒකට ඕන වෙන්නෙ උතුරු තරුවක් වගේ දිලෙන ආදරයක්,හරි මග පෙන්වන ආදරණීය ගුරුවරුන්,හැබෑම මිනිස් සම්බන්ධතාවන්.
ඉදින් එවන් ආදරණීය "වෙනස් මිනිස් ඇසුරක්" ගැන ඔබට කියන, නුදුරු දිනක ඔබ හමුවට එන "සිහින සමීකරණ " චිත්‍රපටය,දර්ශන විද්‍යා අරවින්දගේ තිර රචනයට , තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සසික හේරත් අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අතර මහාචාර්ය චරිත් ජයතිලක සහ දම්මික ගීකියනගේ දෙපලගේ කුළුඳුල් සුසංයෝගී නිෂ්පාදනයක් වේ .මෙහි මාධ්‍ය දැක්ම අප්‍රේල් 26 දින කොල්ලුපිටිය ලිබර්ට් සිනමා ශාලාවේදී පැවැත් වූ අතර ඒ සදහා සිනමා පටයට රංගන දායකත්වය ලබාදුන් සියලුම නළු නිළියන් සමග කාර්මික ශිල්පීන් ඇතුලු විශේෂ අරාධිත අමුත්තන් රැසක් සහබාගි විය.
ප්‍රධාන චරිත තුලින් සජිත අනුත්තර, කසුනි කාවින්දි, අශාන් ඩයස්, රන්දික ගුණතිලක, පූජන දන්දෙනිය, රෙබෙකා දිල්රුක්ශි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණි යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙ රංගන දායකත්වයෙන් "සිහින සමීකරණ " චිත්‍රපටය නිරමාණය වී ඇත .
මෙම චිත්‍රපටය 2024 මැයි මස 17 වන දින සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවන්වල ප්‍රදර්ශනය සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂකතුමන් විසින් දන්වා සිටි.
සමීකරණය විසදීමට සිනමා ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට ආරාධනා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්