පොහොට්ටුවෙන් නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අද (10) බත්තරමුල්ලේ රජමල්වත්තේ දී පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් විවෘත කරන ලදී . ධම්මික පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වුණි .
එලෙස ම මීට සමඟාමීව ආසන මට්ටමින් ද මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කරන බවත් පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රනයක් සකස් කරන බවත් පොදුජන පෙරමුණ පවසා සිටියේ ය. මාධ්‍ය හමුවේ අදහස් ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ තවමත් සිය පක්ෂයේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නොමැති බවයි. නමුත් මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයක් හමුවේ ඔහු පිළිතුරු ලබා දුන්නේ තරුණ නායකයෙකුට ඉඩ දෙන බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ රට වෙනුවෙන් ඕනෑම අයෙක් සමඟ එක්වීමටත් එසේත් නොමැතිනම් ස්වාධීනව කටයුතු කිරීමටත් කැමති බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්