රුසියාවට සෙබළුන් යැවූ ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට
රුසියානු කුලී හමුදාවට දේශීය සෙබළුන් යැවූ ජාවාරමක් පිළිබඳ පසුගියදා අනාවරණය විය. ඒ අනුව අද දිනයේත් දේශීය සෙබළුන් 14 දෙනෙකු යුද්ධය අතරතුර ජීවිතක්ෂයට පත් වී ඇත . ඔවුන් 14 දෙනාගේ පවුල් වලට ජාවාරම්කරුවන් පැවසූ කෝටි ගණන් වන්දි මුදල් ලැබේවි ද ?
අනාවරණය කර ගන්නා ලද තොරතුරුවලට අනුව මෙම මිනිස් ජාවාරමේ එක් ඒජන්සිකරුවෙක් අද ( 10 ) දින මාවනැල්ලේ දී අත් අඩංගුවට ගන්නා ලදී . අසාධාරණයට ලක් වූ අයගේ ඥාතීන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මොහු අත් අඩංගුවට ගත් අතර විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඔහු විශ්රාමික සෙබළුන් 09 දෙනෙකු රුසියාවේ " චතුරංග " නැමැත්තා වෙත යවා ඇති බවයි. දිනෙන් දින හෙළි වන මෙම නම් ඇති ජාවාරම්කරුවන් කවුරුන් ද ? මෙකී ක්රියාවලිය සඳහා ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 16 ක මුදලක් ලබා ගෙන ඇති බව හෙළි වී ඇත.
අපරාධ පරීක්ෂණ මණ්ඩලය සඳහන් කරන ආකාරයට පැමිණිලිකරුවන් යුධ හමුදා සේවයේ බව වසන් කරමින් ගුවන් තොටුපලින් පිටවීමට එහි නිලධාරියෙකුට රුපියල් 30 000ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවයි. මෙකී නිලධාරියා හා ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධතාවය කුමක් දැයි විමර්ශනය කළ යුතු නොවේ ද ?
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්