මෛත්‍රී ඉල්ලා අස්වෙද්දී ඇමති විජයදාස ශ්‍රීලනිප සභාපති ධුරයට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් අද (12) ඉල්ලා අස්විය. පක්ෂයේ නව සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කෙරිණි. එසේ සිදුකරන ලද්දේ මෛත්‍රීපාල පාර්ශ්වයෙන් අද කැඳවා තිබූ පක්ෂයේ විධායක රැස්වීමක ගත් ඒක මතික තීරණයකට අනුවයි.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමල් සිරිපාල පාර්ශ්වයේ වැඩබලන මහලේකම් දුමින්ද සිල්වා මහතා පවසා සිටින්නේ තනතුරු රැසකට වාරණ නියෝග පනවා ඇති පසුබිමක ගනු ලැබූ මෙම තීරණවලට නීතිය ඉදිරියේ කිසිදු වලංගු බවක් නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මෛත්‍රීපාල සිරිසේන හා නිමල් සිරිපාල යන පාර්ශ්ව දෙකට අදළව දෙකට බෙදී ඇති අතර පක්ෂයේ ඉහළ තනතුරු සඳහා පාර්ශ්ව දෙකෙන් ම සාමාජිකයින් පත් කර ගෙන ඇත. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට හා විජයදාස රාජපක්ෂ මහතාට ද පක්ෂයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
එම පාර්ශ්වයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ද වාරණ නියෝගයක් බලපැවැත් වෙයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්