ටීනියා රෝගය යෞවනයන් අතර පැතිරීම ඉහළට..
යෞවනයින් අතර ටීනියා චර්ම රෝගය පැතිරීම ඉහළට.ටීනියා නැමැති චර්ම රෝගය යෞවනයින් අතර ව්‍යාප්ත වීම ඉහළගොස් ඇතිබව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදාරසිංහ මහත්මිය පැවසූවාය.
තද නයිලෝන් මිශ්‍ර ඇදුම් ඇදීම හේතුවෙන් මෙම තත්වය උත්සන්න වන අතර මෙම චර්ම රෝගය දිලීරයකින් ආසාදනය වෙයි.
මෙහි දී සිදු වන්නේ කැසීමක් සහිත රතු පැහැති ලප හට ගැනීමයි. මෙම ලප මැද සිට රවුමට පැල්ලමක් ලෙස පැතිරෙන අතර ලප මතුපිට සම ගැලවීයන සිවභාවයක් දැකිය හැකි වෙයි.
මෙය අලුත් රෝගයක් නොවන අතර මෙම වකවානුවෙහි රෝගය වාර්තා වීමෙහි සහ පැතිර යාමෙහි වැඩි ප්රවනතාවයක් දක්නට ඇත. පසුගිය වසර කිහිපය මුලුල්ලෙහි ප්‍රභේදය වෙනස්කම් වලට ලක්වීමද මෙයට එක් හේතුවකි.
බොහෝ රෝගීන්ගේ ඉකිලි, කිහිලි වැනි දහඩිය දැමීම අධික සිරුරේ නැමෙන ස්ථාන වල මෙම ලප පළමුව හටගනී. සිරුරේ ඕනෑම තැනකට මෙම ලප පැතිරයාමේ හැකියාවක් ඇත.
මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර පැවතියද ඒවා නිසිපරිදි ලබා නොගැනීම හේතුවෙන් රෝග පාලනය දුෂ්කර වී තිබේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්