තමන් බේරාගන්නැයි රුසියානු කදවුරක සිට ශ්‍රී ලාංකීය සෙබළෙක් හඩාවැටෙයි
ජාවාරම්කරුවන්ට හසුවීමෙන් පසුව රුසියානු - යුක්රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියා.
රුසියානු කුලී හමුදාවල දැඩි ජීවිත අවදානම මැද තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බවට දැන් තොරතුරු හෙළිවෙමින් පවතී.
මෙරට මාධ්‍ය මගින් අනාවරණය කරන පරිදි මුලාවට පත්වී විශාල මුදලක් තැරැව්කරුවන් වෙත ගෙවා රුසියානු කුලී හමුදාව වෙත බැදුණු සොල්දාදුවන් දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙමින් තමන් බේරාගන්නැයි ඉල්ලමින් සිටින බව සදහන් කරනවා.
එහිදී මෙරට යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවය කළ දෙදරු පියෙකු වූ මාතලේ, උකුවෙල පදිංචි අයි. ජී. වසන්ත කුමාර රුසියානු කුලී හමුදා කදවුරක සිට හඩාවැටෙමින් තමන්ව බේරාගන්නැයි ඉල්ලා සිටිනවා. "මාව ලංකාවට ගෙන්නලා දෙන්න මහත්තයෝ ඔයාලට බුදුබව අත්වෙනවා" යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු හඩාවැටෙන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිදහස් කර තිබෙනවා.
මේ වන විට ලැබෙන වාර්තා අනුව මෙරට හමුදා සේවයේ හිටපු සාමාජිකයන් පමණක් නොව රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමට ප්‍රථම රුසියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින්ද එරට කුලී හමුදා සාමාජිකයින් ලෙස සේවයට බැඳී ඇතැයි සදහන් වෙනවා.
එසේම රුසියානු කුලී හමුදාව වෙත එක්ව ඇති ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය තවමත් නිශ්චිතව කිව නොහැකි බව ද සදහන් කෙරෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්