ඝාතනය කෙරුණු කුලියාපිටිය තරුණයාගේ පෙම්වතියත් පොලිස් අත්අඩංගුවට
කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිත් ජයවංශ නමැති තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණයාගේ පෙම්වතිය යැයි කියනු ලබන තරුණිය පොලිිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ 31 හැවිරිදි සුසිත් ජයවංශ නැමැති තරුණයාගේ දැඩි ලෙස පිළිස්සුණු මළසිරුර පසුගියා මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී, ඔහු අතුරුදන් වී දින 15කට පසු පොලීසිය විසින් සොයාගනු ලැබුවා.
අදාළ තරුණිය කුලියාපිටිය පොලිසිය වෙත ඊයේ (12) කැදවනු ලැබු තිබූ අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
මනුෂ්‍ය ඝාතනයකට ආධාර, අනුබලදීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කරනවා.
පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වල දී එම තරුණිය ප්‍රකාශ කර ඇත්තේ තමා වයස අවුරුදු 15 සිටම අදාළ තරුණයා විසින් දූෂණය කෙරුණු බව හා ඔහුට තිබූ බිය නිසා එය කිසිවෙකුට අනාවරණය නොකළ බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්