ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට විපක්ෂනායක සජිත් අනතුරු අගවයි
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කරන ලද ප්‍රහාර වහා නැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) පැවති විරෝධතාවයක දී ප්‍රකාශ කර සිටියා.
ඊශ්‍රායලය විසින් අමානුෂික ලෙස ගාසා තීරය වෙත එල්ල කරනු ලබන ප්‍රහාර හෙළා දකිමින් සමගි ජන බලවේගය විසින් කොළඹ දී අද (13) පවත්වන ලද විරෝධතාවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ ඊශ්‍රායලය අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුරුදහන් කරවන්නට දරන මේ උත්සාහය අපි තරයේ හෙලා දකිනවා. මේ මිනීමරු ක්‍රියාදාමයෙන් වහාම ඉවත්වන්නැයි කියලා ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යය නෙතන්යාහුට මා පවසා සිටිනවා.
මේ ප්‍රථම වතාවට තමයි මම නමක් කියලා කතා කරන්නේ එසේ මීට පෙර නොකිව්වේ දෙගොල්ලෝ එකතු කිරීමේ අරමුණින්, නමුත් පිට පිටම තෙනත්යාහු ආණ්ඩුව මේ කරන්නා වූ ම්ලේච්ඡ, තුච්ඡ ක්‍රියාදාමය අපි තරයේ හෙළා දකිනවා යැයි ද ඔහු ප්‍රකාශ කර සිටියා.
මෙම අවස්ථාවට සජබ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්