පාසල් දැරියකට අතවර කළ ටියුෂන් ගුරුවරයෙක් අත් අඩංගුවට ,
කුරුණෑගල , මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙක් 19 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කළා යැයි වන චෝදනාවකට අනුව මාවතගම පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත .
ඊයෙ දින (13) සවස මාවතගම පොලිසිය ආසන්නයේ ඇති මෙම උපාකාරක පංති පවත්වන ස්ථානයකට සිද්ධියට අදාල දැරිය පැමිණ ඇත . ඒ වන විටත් විදුල් පහන් දල්වා නොමැති මෙම ස්ථානය පිළිබඳ මතු වූ සැකයක් මත අසල වූ ගොඩනැගිල්ලක cctv උපකරණ සවි කරමින් සිටි පුද්ගලයන් පිරිසක් මෙම ගොඩනැගිල්ලට ගොස් පරීක්ෂා කර ඇත .
ඒ වන විටත් මෙම සැකකාර ගුරුවරයා දැරියට අතවර කරමින් සිට ඇත . එවිට මෙම පිරිස යුහුසුලුව සැකකරුගෙන් දැරිය මුදා ගැනීමට කටයුතු කර ඇත .
එම ස්ථානයේ සිටි අයෙක් පොලිසියට කළ දැනුම්දීමකින් පසුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
හතලිස් හැවිරිදි සංවර්ධන නිලධාරියෙකු වන සැකකාර උපකාරක පංති ගුරුවරයා මාවතගම අරංපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව තොරතුරු ලැබී ඇත . රාත්‍රී 8. 30 පමණ වන විට ඔහු අත් අඩංගුවට ගත් පොලීසිය දැරිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි .
මේ වන විට අනාවරණය වී ඇත්තේ දැරියට මත්ද්‍රව්‍ය ලබා දී මෙම සැකකරු ලිංගික අතවර සිදු කර ඇති බවයි. මේ වන විටත් මාවතගම පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරමින් පවතී .
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්