“අලුතින් හිතමු, ජාතික සාමූහිකයෙන්” අලුත් වැඩක්
“නොකළ යුත්තේ කුමක් ද” යන මැයෙන් සංවාදාත්මක නව කතිකාවක් “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” නමැති සංවිධානය මගින් ඊයේ (19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර
මහතාගේ හා බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ
මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම කතිකාවේ දී ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ
සභාපති ගැමුණු විජේරත්න, ජවිපෙ හිටපු පා.ම. එස්. අමරසිංහ, නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් ද අදහස් දක්වා සිටියා.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාව දැනුවත් කිරීමේ මෙම
සංවාදාත්මක කතිකාවත සෑම දිස්ත්‍රික්කයක්ම ඉලක්ක කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා
ඇති බවත්, මීට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා සිට රටේ සිදුකරන ලද
විනාශකාරී ක්‍රියාවන්ට අදාළ, ඔවුන්ගේ කෲරත්වය හෙළිකරන ඡායාරූප ප්‍රදර්ශනයක් ද
පැවැත්වීමට නියමිත බවයි.
එසේම මේ සදහා හිටපු ජවිපෙ ක්‍රියාධරයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළු
ජාතිමාමක විශාල පිරිසක් ඉදිරියේ දී එකතු වීමට නියමිත බව ද ඔවුන් අනාවරණය කර
සිටියා.
එහිදී අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ ජාතික
ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනයක සහභාගි වූ රූපවාහිනී
සාකච්ඡාවක දී විශේෂ අනාවරණයක් කළා. එතුමලත් මේ රටේ බලය ගත්ත දවසට ආර්ථිකය
ගොඩදාන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්ව වැල්පාලමෙන්ම ගිහින්
කියලා. එතුමලත් මේ වැල්පාලමෙන්ම ඉදිරියට යනවානම් අපි මොකටද තවත් අත්හදා බැලීම්
කරන්න ජාතික ජන බලවේගයට රටේ බලය දෙන්නේ, තවත් අත්හදා බැලීම් කරමින් ඉන්න
පුළුවන් අවස්ථාවක ද මේ රට තියෙන්නේ, එහෙනම් ජනතාව තීරණය කරන්න ඕනේ වැල්
පාලමෙන් රට එතෙර කරන්න අලුත් අත්හදා බැලීම් කරලා රට නැවතත් අගාධයට ඇද දමනවා ද
කියලා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ අපට ඇහෙනවා වේදිකාවල සියලුම දෙනා කතා කරන්නේ වසර 75ක ශාපයක් ගැන, නමුත් මම කියන්නේ ශාපය වසර 75ක් නෙවෙයි. වසර 59ක ශාපයක් තමයි රටට වැදිලා තියෙන්නේ, එහෙම කියන්නේ 1965 රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ බිහිකරලීමත් සමග එදා සිටම ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදුකරලා තියෙනව ද, ඔවුන් හැමදාම කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල්, රට සංවර්ධනය කෙරෙන කිසිම වැඩකට හොදක් කියලා තියෙනව ඔය කියන නායකයෝ, අන්න ඒ 59 අවුරුද්දක ශාපයෙන් මේ රටට වුණ පාඩුව කොතරම් ද කියලා බැලුවොත් ඕනෙ කෙනෙකුට ගණනය කරගන්න පුළුවන් ඔවුන් රටට කළ විනාශය, රටේ ඉදිරි ගමනට කළ බාධාව, හැබැයි දැන් වේදිකා හදාගෙන සුන්දර කතා කියමින් ජනතාව රවටාගෙන යනවා.
විශේෂයෙන් සදහන් කළ යුතුයි මැයි 18 අපිට සුවිශේෂී දවසක්, වසර තිහක් තිස්සේ අපේ රණවිරුවෝ ජීවිත දහස්
ගණනක් අහිමි කරගෙන, තවත් දස දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වෙලා
2009 මැයි 18 වෙනිදා රුදුරු ත්‍රස්තවාදය අවසන් කරලා මේ අවුරුද්දට වසර 15ක්,
අපි අභිමානයෙන් ඒ දිනය සමරනවා,
මම නිකමට වගේ ඔය අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් මහත්වරුන්ගේ හරිනි
අමරසූරිය මහත්මියගේ සමාජ මාධ්‍ය පිටුවලට ගිහිල්ලා බැලුවා ඔවුන්
අභිමානයෙන් ඉල්මහ විරුවන් සැමරුවට මේ දවසේ අපේ රණවිරුවන් සමරලා තියෙන්නේ කොහොමද කියලා,
කියන්න කණගාටුයි, ඔවුන් කිසිම කෙනෙකුට මැයි
18 අපේ අභීත රණවිරුවා මතක් වෙලා නෑ,
හැබැයි හමුදාවේ හිටපු ජෙනරාල්ලා, බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා එකතු කරගෙන උජාරුවට හමුදා සාමූහික යැයි කියාගෙන රටවටේ රැස්වීම්
පවත්වනවා. පුදුමේ කියන්නේ ඒ හමුදා නායකයන්ටවත් විජයග්‍රහණයේ දිනය මතක් වෙලා නෑ, එතකොට අනාගතයේ එනවා කියන
ජාතික ජන බලවේග රජයක් යටතේ හමුදාවේ රණවිරුවන්ට අත්වෙන ඉරණම ගැන තවත් අටුවා ටීකා ලියන්න
අවශ්‍ය නැති බව සදහන් කළ යුතු යැයි සුගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
එසේම මෙම අවස්ථාවේ දී හිටපු පළාත් සභා අමාත්‍ය නිශාන්ත
ශ්‍රී වර්ණසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ දැන් අපි ඉස්සරහා තියෙනවා තීරණාත්මක මැතිවරණයක්, ඒ මැතිවරණයේ දී නොකළ යුත්තේ කුමක් ද කියන එකට අවශ්‍ය කරුණු කාරණා ජනතාවට පැහැදිලි කරන එක තමයි අපේ අරමුණ, සමහර විට අපේ ජනතාව බොහොම හැගීම්බරව ආවේගශීලීව වස්කවියක් කියන්න තමයි ලෑස්ති
වෙලා ඉන්නේ, හැබැයි අපි කියන්න කැමතියි එක දෙයක් තේරුම්
ගන්න කියලා, මේ අවස්ථාවේ දී ගන්න තීරණය අවුරුදු පහකට ගන්න එකක් නොවෙන්න පුළුවන්, සමහරවිට අවුරුදු පනහකට, සියයකට ඉස්සරහට ගන්න
වෙන තීරණයක් වෙන්න පුළුවන්,
තව දින 140යි ජනාධිපතිවරණයට තියෙන්නේ,
ඒ නිසා හොදින් කල්පනා කරලා බලන්න, ඔබ කළයුත්තේ කුමක්ද, නොකළ යුත්තේ කුමක් ද
කියන එක පිළිබදව විචාරශීලීව, බුද්ධිමත්ව හිතලා තීන්දු
තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු සදහන්
කර සිටියා.
එසේම මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජකවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්