සති අන්තයේ නිකුත් වෙන උසස් පෙළ විභාගයේ ප්‍රතිපල.
ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගය, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර මේ සති අන්තයේ බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වෙයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 ගණනක් පෙනී සිටින ලදී.
ඒ අනුව සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්