වාසුගෙන් නිරෝෂන්ට ඔටුන්නක්
වාසුදේව
නානායක්කාර මහතා විසින් මෙතෙක් කල් දරන ලද ප්රජාතන්ත්රවාදී වාමාංශික
පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා වෙත
පවරා තිබෙනවා.
වාසුදේව
නානායක්කාර මහතා යම් යම් අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන හෙයින් මෙසේ පක්ෂ නායකත්වය
වෙනත් කෙනෙකු හට පැවරීමට කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙලෙස
නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතා වෙත පවරමින් ඔහු කියා ඇත්තෙ පවතින් ආර්ථික
අර්බුද වලට විසදුම් සෙවීමට නම් ජනපදනමක් සහිත නව නායකත්වයකට පක්ෂ පැවරිය යුතු
බව තමා සිතන බවත් ඊට සුදුස්සා නිරෝෂන් ප්‍රේමරත්න බවත් තමා අදහස් කළ බවය.
මෙහිදී නිරෝෂන්
ප්‍රේමරත්න මහතා සදහන් කර ඇත්තේ 2020 මහ මැතිවරණ පරාජයෙන් පසු තම දේශපාලන දිවිය
අවසන් වූ බවට තමන් සිතා සිටි බවයි.
එවන් අවස්ථාවක
වාසුදේව සහෝදරයා දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමාට පක්ෂය බාරගන්නා ලෙසට ආරාධනා කළ බව
ද කියා සිටියා. එසේම මේ මොහොතේ රට පවතින් තත්ත්වය ගැන සිතා නව ගමනකට පක්ෂය සූදානම්
කරවීමේ වගකීම තමන් බාරගත් බව ද හෙතම වැඩිදුරටත් කියා සිටියා.
නිරෝෂන් ප්‍රේමරත්න
මහතා පසුගිය වතාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වූයේ විමල්
වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්