Weather icon
23°C 
News Category
From Date
To Date
Maximum Number of Result

තවත් මහා පිරමීඩ ජාවාරමක්

Jul 23, 2024 at 09:54 PM
|


පසුගිය කාලයේ විවිධ නම් වලින් ක්‍රියාත්මක වෙමින් මුදල් සූරා කෑ පිරමීඩ ජාවාරම් ක්‍රම ගණනාවක් පිළිබද අපට අසන්නට ලැබුණා. ඒ සියල්ලම පාහේ නීතියේ රැහැනට අසු වී ඇති පසුබිමක තවත් පිරමීඩ ජාවාරමක් පිළිබද අනාවරණය වී තිබෙනවා.

මේ හරහා රුපියල් කෝටි 350 මුදලක් වංචා කර ඇති බවත්, කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් දවස පුවත් වෙත වාර්තා වෙනවා.  

ඔවුන් එම පිරමිඩ මුදල් වංචාව සිදුකර ඇත්තේ R3Fයන යෙදුම භාවිතා කරමින් බව ද වැඩිදුරටත් සදහන් වෙනවා.

Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් විශාල වශයෙන් මුල්‍ය වංචාවක් සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පසුගිය දිනවල පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

විමර්ශන වලට අනුව පුද්ගලයන් 5500ක් පමණ මෙම ජාවාරමට මේ දක්වා හසුව ඇති බව ද සදහන් වෙනවා.

මේ හරහා ගිණුම් 31,000ක් පමණ සකස් කර ඇති අතර පාරිභෝගිකයන්ට ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, ආයෝජනය කරන මුදල මෙන්  සිව්ගුණයක් මාස 10කදී උපයාගත හැකි අතර දෛනිකව 1% ලාභාංශයක් ලබාගත හැකි බවත් ය.

මෙම ජාවාරම මගින් තමන් රුපියල් කෝටි 350 පමණ මුදලක් වංචා කළ බව අත්අඩංගුවට පත් සැකකරුවන් අනාවරණය කර ඇති බව ද වාර්තා වෙනවා.

මෙම මුදලින් රුපියල් කෝටි 50ක් පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස සාමාජිකයන්ට ලබාදුන් බවත්, තවත් මුදල් මුදල් ප්‍රමාණයක් මෙවැනිම පිරමීට ක්‍රම වල ආයෝජනය කර ඇති බව ද සැකකරුවන් පවසා තිබෙනවා.  

මෙවැනි ක්ෂණික ලාභ ලබාදෙන ක්‍රම පිළිබද වඩා විමසිලිමත් වන ලෙස රජය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. 

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.