මෘතදේහ ආදාහනය කළාට රජය සමාව අයැදී
2020
වසරේ දී ලෝකය වෙලාගත් මාරාන්තික කොවිඩ් 19 වසංගතය අතරතුර මෙරට බලාත්මක කරන ලද
අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව රජය ජනතාවගෙන් සමාව අයැදීමට කැබිනට් අනුමැතිය
හිමි වී තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර
කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, විදේශ කටයුතු හා ජලසම්පාදන සහ
වතු යටිතල පහසුකම් සංවර්ධන යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ
ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙනවා.
කොවිඩ්
19 සායනික කළමනාකරණය පිළිබද එකල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කරන
ලද මාර්ගෝපදේශ වලට අනුව වෛරසය වැළදී මියගිය තැනැත්තන්ගේ සිරුරු අනිවාර්යයෙන්
ආදාහනය කළ යුතු යැයි නිර්දේශ කර තිබුණි.
ඒ
අනුව කොවිඩ් 19 රෝගයට ගොදුරු වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ 276ක් ආදාහනය
කර ඇති අතර 2021 පෙබරවාරි මාසයේ දී එවැනි සිරුරු දැඩි සීමාවන් යටතේ භුමදානයට
අවසර ලබාදී ඇත.
මෙවැනි
පසුබිමක් තුළ විශේෂයෙන් මුස්ලිම් ජාතිකයන්ට අසාධාරණයක් සිදු වී ඇති බවට
හඩනැගූ පසුබිමක කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්