හිස් වූ පොලිස්පති ධුරයට ලලිත් පතිනායක ?
දේශබන්දු
තෙන්නකෝන් මහතා දරමින් සිටි පොලිස්පති ධුරයට අද (24) ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම්
නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා
පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන බව වාර්තා වෙනවා.
විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම
නිලධාරියා ලෙස සැලකෙන්නේ ලලිත් පතිනායක මහතා ය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් මගින් ඔහු පසුගියදා නිදහස් කොට නිදහස් කෙරුණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ පතිනායක මහතාගෙන් පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පතිවරුන් වන්නේ පිළිවෙලින් ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව
මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරු බව සදහන් වෙති.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්