පක්ෂ කඩන රනිල්,..නාමල්ගෙන් දෝස්මුරයක්
පක්ෂයක් විදිහට අපි එදා තීන්දුවක් ගත්තා රනිල් වික්රමසිංහ
මහත්තයට උදව් කරන්න. අද වෙනකම් අපි වචනයකින්වත් ආණ්ඩුව අස්ථාවරත්වයට පත් කරන්න
කිසිම ප්රකාශයක් කරලා නෑ.
හැබැයි පක්ෂයක් විදිහට එතුමාගෙන් අපට ලැබුණු දායාදය නම්
පක්ෂය දෙකට කඩපු එක යැය නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කර සිටිනවා. අපි අපේ
දේශපාලන වගකීමට හරිහැටි ඉටුකරලා තියෙනවා. ඉදිරියේ දී පක්ෂයක් විදිහට අපේ
දේශපාලන තීන්දුවක් ගන්නවා.
සජබ මන්ත්රීවරුනුත් චෝදනා කරනවා රනිල් ජනාධිපතිතුමා
ඔවුන්ගේ පක්ෂයත් කඩන්න හදනවා කියලා, බැලූ බැල්මට එතුමා අපේ පක්ෂෙත් කඩන්න
උත්සාහ කරනවා. ඒක හංගන්න දෙයක් නෙවෙයි. හැබැයි අපි අවංකව රනිල් වික්රමසිංහ
මහත්තයට උදව් කරනවා.
අවසානෙට ලැබෙන්නේ අපේ පක්ෂය දෙකට කඩන්න ගන්න උත්සාහයක්
නම් ඒ පිළිබදවත් එතුමා කල්පනා කළ යුතු බව ද ප්රකාශ කර සිටියා. එසේම මේ පක්ෂ
කැඩිල්ල එතුමා පුරුද්දක් වශයෙන් සිදුකරන බව ද නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසනවා.
එතුමා පුරුද්දක් විදිහට එක්සත් ජාතික පක්ෂය
කැඩුවා, ශ්රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා, යහපාලන ආණ්ඩුව කැඩුවා, ජේවීපී
එක කැඩුවා, එල්ටීටීඊ එක කැඩුවා,..පොහොට්ටුව නොකැඩුවොත් තමයි ප්රශ්නේ, ඒ නිසා
අපි රටට ගැලපෙන තීන්දුව පක්ෂයක් විදිහට ගන්නවා.
පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයට එන හැම අපේක්ෂකයා එක්කම
කතා කරලා තීන්දුවක් ගන්නවා. අපි වෙලාවට අපේ අපේක්ෂකයා නම් කරන්නම් යනුවෙන් ද ඔහු
සදහන් කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්