අපි හෙට (29) කියනවා - මහින්ද රාජපක්ෂ කියයි
වත්මන්
ජනාධිපතිවරයා මේ වන විට තමා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව
ප්රකාශ කර ඇප මුදල් ද තැන්පත් කර ඇති පසුබිමක ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මතය
තවම ප්රකාශ කර නෑ.
ශ්රී ලංකා
පොදුජන පෙරමුණ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහයෝගය ලබාදෙනවා ද නැතිනම්
පක්ෂ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා ද යන්න පිළිබද තවම ප්රකාශයක් සිදුකර
නොමැති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කර සිටියේ හෙට
(29) රැස්වෙන දේශපාලන බලමණ්ඩලයේ දී එම තීරණය ගන්නා බවයි.
ඒ අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
හා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග ද සාකච්ඡාවන්
සිදුකර ඇතැයි නොනිල ආරංචි මාර්ග සදහන් කරනවා.
එසේම ශ්රී ලංකා
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා ප්රකාශ කර
සිටින්නේ තමන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට
සූදානමින් සිටින බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්