අධිකරණ ඇමති ඉල්ලා අස්වෙයි
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී
අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
අද (29) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව
අනාවරණය කර සිටි අතර තමා තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත්
සන්ධානයකින් බව ද එතුමා අනාවරණය කර සිටියා.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ
මහතාට හා ලේකම්වරයා ලෙස
සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය දීර්ඝ කර ඇති
බව ද වාර්තා වෙනවා.
සැප්තැම්බර් මස 24 වන දා දක්වා එම නියෝගය දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා
අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්