මාළිමා රැළියට නිල ඇදුමින් ආවැයි පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) මහරගම දී පැවති ජාතික හෙද සමුළුවට රජයේ හෙද,
හෙදියන් නිල ඇදුමින් සහභාගි වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කැෆේ සංවිධානය
පවසනවා.
ඒ අනුව ජාතික මැතිවරණ කොමිසමට
ලිපියක් යොමුකරමින් කැෆේ සංවිධානය පෙන්වා දී ඇත්තේ මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුවත්, මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් සහ පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බවය.
රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතියද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ග වල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂකවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්